
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර කුෂ්ඨ රෝගයක් සමග උණ පැතිරීමේ අවදානමක් පවතින බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසති.
එවැනි රෝගී තත්ත්වයට පත් වූ රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් දෙදෙනකු ප්‍රතිකාර ලබයි.
ඉන් එක් අයකු බන්ධනාගාරයෙන් නිදහස් වී දින කිහපයකට පසු අදාළ රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහලගත කර ඇතැයි ද වෛද්‍යවරු කියති.
මෙය මෙනින්ගොකොකල් නමැති මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් ඇති වන්නක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.
මෙනින්ගොකොකල් බැක්ටීරියාව දරුවන්ට වඩාත් හානිකර බව වෛද්‍යවරු කියති. එමෙන් ම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සෞඛය තත්වය දුර්වල වූ පුද්ගලයන්ට ද මෙය මාරාන්තික බව වෛද්‍යවරුන්ගේ මතයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd