IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රිය අනතුරින් මව-දියණිය මරුට

( බී.ජී. චතුරංග )

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කළා ඔය  පදිංචි ඩබ්ලිව් පී. සශිකා දුලානි වීරසිංහ 36, සහ කේ. තිසනි ප්‍රියංසා නැමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව පොලිසිය කියයි. 

එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කල යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධව මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි  ටිපර් රථ රියදුරා අත්අඩංගුවට  ගෙන ඇත.



අදහස් (15)

රිය අනතුරින් මව-දියණිය මරුට

කිරිපුතා Monday, 21 August 2023 06:32 PM

ටිපර් රථ ගැන පොලිසිය මීට වඩා සැලකිලිමත් විය යුතුයි. කිසිම විනයක්, සංයමයක් නැතිව ඔවුන් පාරේ යන්නේ...

:       2       74

චින්තක Monday, 21 August 2023 06:39 PM

දැන් දැන් මේ ස්කූටි වර්ගයේ යතුරු පැදි මග මරුවෝ වෙලා ඉවරයි. මේ වාහනය වියදම් අඩුයි කියලා පාවිච්චියට ගත්තාට මේ වර්ෂයේ කී දෙනෙක් දැනට ජීවිතක්ෂයට පත්වෙලාද බලන්න... මෑතකදී රටක් වටිනා ඔය අම්මාටත් අවුරුදු දෙකක් පමණ බාල යුවලක් රාජකාරි නිමවා නිවසට එද්දි මියගියා.. ඇත්තටම මේවාට නොපමාව ප්‍රතිකර්ම යොදන්න ඕනෑ. මට හිතෙනවා යුද්ධය තිබුණු කාලේ වත් මෙතරම් මියගියේ නැහැ කියලා... යුද්ධය නැවැත්තුවා වගේ මේකත් නවත්වන්න මේ දෙදෙනාම නිවනේ සැනසේවා...!

:       20       51

බද්රානි Monday, 21 August 2023 07:31 PM

ආ... මෝඩ චින්තනයෝ, ඔහේ කියන්නේ ස්කූටර් වෙනුවට, අපිටත් ටිපර් රථ පාවිච්චි කරන්න කියලාද..? ටිපර් රථ කාරයෝ හා බස් කාරයෝ කියන මග මරුවන්ගෙන් මේ රටේ මහජනතාව ආරක්ෂා කර ගන්නවා විනා, පාපැදි ඇතුළුව අනෙක් වාහන පදවන්න එපා කියලාද ඔහේ මේ නොකියා කියන්නේ...? ඔහේ උපන් ගෙයි මෝඩයෙක් වගෙයි කතාවෙන් පේන්නේ... මොනවා කරන්නද? ජානමය අවුල ඔහෙට වගේ මේ රටේ බහුතරයකට තියනවා. ඒක තමයි මේ රටේ සාමාන්‍ය ජනතාවගේ කරුමේ...! 

:       80       42

pakeerMonday, 21 August 2023 09:27 PM

බූරු බද්‍රානියෝ , මේකේ කියන්නේ උඹලට ටිපර් පදින්න කියලා නෙමෙයි.ස්කූටර් ආරක්ෂා නැහැ කියලා .ඒක ඇත්ත .ලංකාව වගේ අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැති රටක මේ පොඩි වාහන මරුවා කැඳවනවා වැඩී

:       3       18

බද්රානිWednesday, 23 August 2023 02:56 PM

ආ.. මට දැනුයි තේරුනේ, කරත්තෙට බඳින අම්බරුවෝ රැල ස්කුටි වලට එරෙහිව "ටිපර්" වෙලා තියෙන්නේ මොකද කියලා..? පාරේ යන ටිපර් සියල්ලේම වාගේ දේශපාලනයට සම්බන්ධ වුවන්ගේ හා ඊට අදාළ මදාවි මැරයින් ටිපර් රථවල හිමි කාරයෝ නිසානේ...පෞද්ගලික බස් රථ වල තත්වයත් බොහෝ දුරට ඊටම සමානයිනෙ... මහපාරේ ටිපර් වෙලා යන ටිපර් කාරයින්ට අපි කාණුවට බැහැලා ඉඩ දෙන්න ඕනා කියලා වෙන්න ඇති මේ අම්බරුවෝ හිතාගෙන ඉන්නේ.. එකනේ මේ මගමරුවෝ අහිංසක ජීවිත බිල්ලට ගන්නේ... මේවට උඩගෙඩි දෙන බෝතල් පත්තර කාරයොත් හිතාගෙන ඉන්නේ, මේ කැළෑ පත්තර කාරයෝ කරන මගඩි අපි දන්නේ නැහැ කියලා වෙන්න ඇති...? සරම ඇඳගෙන ඔලුවෙන් හිටගත්තාම හිතනවා ඇති අපිට හෙළුව නොපෙනෙයි කියලා. වයසට ගියාට, තවම මොන්ටිසෝරි ටිකිරි මොළ වර්ධනය වෙලා නම් නැහැ. හැබැයි හිතාගෙන ඉන්නේ කෙරුමෝ කියලනේ.. ඒකනේ මේ රටේ පල් මෝඩයින්ට දාන සෙල්ලම් අපිටත් දාන්න එන්නේ... ලැජ්ජයි බන් එක අතකට පව් උඹලා.. බඩ ගෝස්තරයට නේ මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ... !!!

:       1       0

පැරකුම්Monday, 21 August 2023 10:22 PM

බද්‍රානි චින්තකගෙන් පරණ කෝන්තරයක් පිරිමහනව වගෙයි. ඒ උනත් මේකෙන් වෙන්නෙ තමුන්ම හෙලා දැකීමක් කියලයි මට පෙනෙන්නෙ.

:       3       10

Anura PathiranaTuesday, 22 August 2023 09:25 AM

කකුලෙන් ඇදීමේ ජන ගතිය ඔහෙටත් තියනවා නොව කිනම් හෝ අදහසකට ප්‍රති විරුද්ධතා දමමින් සිටිනවා ඇරෙන්න නව නිර්මාණ කිසිදා බිහි නොකරනු ඇත

:       2       4

ආනන්දTuesday, 22 August 2023 11:45 AM

බද්රානි, මැරෙන එක හෝ සදාකල් ඔත්පල වීම යහපති නම් එහෙමයි! ඔය නෝනලා ළමයිවත් එක්ක ස්කූටියට නැග්ගාම තියෙන ගාය, ටිපර් රියදුරෙක් නොවෙන මම කොතෙකුත් දකිනවා.

:       3       12

මුදිතTuesday, 22 August 2023 12:49 PM

බද්‍රානිව ආයි පාසල් ඇරලා ගන්න ඕනේ. වෘත්තය, විෂ්කම්භය, අරය වගේ දේවල් ඉගෙනගෙන නැහැ වගේ...!

:       0       0

උත්තරසිංහ Tuesday, 22 August 2023 12:14 AM

ගොඩක් අනතුරු වෙන්නේ මේ කාන්තාවෝ පදින මේ ස්කුටර් වලින්. මේ අය ඔහේ යනවා කිසිම සැලකිල්ලක් නෑ. පොඩි දරුවොත් අරගෙන යන මේ අම්මලා ටිකක් පරෙස්සමින් ඕක පදවන්න හිතන්නේ නෑ. ඒකට නැග්ගම පිටිපස්සේ ඉන්න තමන්ගේ දරුවත් අමතකයි. ඉගිලෙන්න බලන්නේ. ටිපර් රථ පාරේ යනහැටි හැමෝම දන්නවනේ. ඉතිං ඒවා අස්සේ යන්නේ පරෙස්සමින්. මේ අයට කල්පනාවත් අඩුයි. ගෙවල්වල ප්‍රශ්න හිත හිතා පාරේ යන්නේ...... ඔබ දෙදෙනාටම නිවන්සුව ලැබෙන බවය දක්වා මෙවන් අකල් මරණයක් නොමවේවා.

:       0       7

disanayaka Tuesday, 22 August 2023 07:37 AM

ටිපර් සහ බස් රථ රියදුරන් රිය පැදවීමේදී අනුකම්පා නොකරයි. ඔවුන්ගේ වල් පැදවීමේ හැසිරීම අහිංසක මිනිසුන් විශාල සංඛ්යාවක් මිය යයි. පොලිසිය පාරේ නිදාගෙන උන්ට මෝඩයෝ වගේ හැසිරෙන්න දීලා.

:       1       8

නිමල් Tuesday, 22 August 2023 07:55 AM

ටිපර් රථ වැනි උසස් වාහන වල ඉදිරි 'blind spot' මිටි වාහන වලට වඩා වැඩියි. ඒ අනුව ටිපර් රථ රියැදුරකුට තම වාහනයේ ආසන්නතම ඉදිරිය 'blind spot' එකක්. ස්කූටිවල මිටි බවත් ටීපර් රථ වැනි බර වාහන නැවතීමේ දුර වැඩි බවත් නිසා ටිපර් රථයකට ඉතාම ආසන්නව පදවන වාහනයක් ඉතාම අන්තරායදායක තත්ත්වයකයි ධාවනය වන්නේ. .

:       0       18

thushara Tuesday, 22 August 2023 09:17 AM

ටිපර් රථ කාරයන්ගෙ කිසිම විනයක් නෑ. මට මතකයි අවුරුදු කීපෙකට කලින් මේවගෙම අම්මෙකුයි දුවෙකුයි ගිය ස්කූටර් එකකට හිතලම වෙට්ටු දාන්න ගිහින් අම්මගෙ හිස වෙන් වෙලාම ගියා.

:       0       9

CHARITH Tuesday, 22 August 2023 10:21 AM

අම්මටයි දුවටයි නිවන් සැප ලැබේවා....... මාරග විනයක් නැති එකයි මේ හැම දේටම මුල කියලයි මටනම් හිතෙන්නෙ, පාරේ යන්නේ තමුන් විතරයි කියල හිතන් යන එකයි ලොකුම අවුල. පරිස්සමින්ම යන්න ඕන මෝටර් බයික් වල යන මිනිස්සු. ඒත් උන් පාරෙ යන්නෙ කාර් එකක යනව කියල හිතාගෙන. ඒකයි මෙතන තියෙන ලොකුම වරද. පාරේ යන්න ඕන කොහොමද කියල කියල දෙන්න කාටවත් ඕන කමක් නැ

:       0       12

Desa Tuesday, 22 August 2023 12:44 PM

මෑත කාලයේ පාරවල් වල ස්කුටි, මෝටර් සයිකල් බොහෝ සේ වැඩිවෙලා තියනවා. ඊට ප්‍රධාන හේතුව පොදු ප්‍රවාහන සේවයේ දුර්වල කම. ත්‍රීවීල්, මෝර්ට සයිකල්වලත් සමහරුන්ගේ විනයක් නෑ. ටිපර්, පුද්ගලික බස්වලද විනයක් නැති එලවීම් බොහෝයි. පාරවල්වල තරමට වඩා වාහනත් වැඩියි. මේ නිසා ටිපර්/ඩිලිවරි වැනි වාහන උදේ 6.30 - 9.0 හා හවස 4.30- 7.30 කාලවල ධාවනය නවත්තන එක හොඳයි. මාර්ග නීතිද දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site