
( බී.ජී. චතුරංග )
අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කළා ඔය පදිංචි ඩබ්ලිව් පී. සශිකා දුලානි වීරසිංහ 36, සහ කේ. තිසනි ප්‍රියංසා නැමැති 8 හැවිරිදි ඇගේ දියණිය බව පොලිසිය කියයි.
එම මාර්ගයේ කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කල යතුරු පැදියක්, එම දිශාවටම ගමන් කළ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
මේ සම්බන්ධව මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් රථ ගැන පොලිසිය මීට වඩා සැලකිලිමත් විය යුතුයි. කිසිම විනයක්, සංයමයක් නැතිව ඔවුන් පාරේ යන්නේ...
දැන් දැන් මේ ස්කූටි වර්ගයේ යතුරු පැදි මග මරුවෝ වෙලා ඉවරයි. මේ වාහනය වියදම් අඩුයි කියලා පාවිච්චියට ගත්තාට මේ වර්ෂයේ කී දෙනෙක් දැනට ජීවිතක්ෂයට පත්වෙලාද බලන්න... මෑතකදී රටක් වටිනා ඔය අම්මාටත් අවුරුදු දෙකක් පමණ බාල යුවලක් රාජකාරි නිමවා නිවසට එද්දි මියගියා.. ඇත්තටම මේවාට නොපමාව ප්‍රතිකර්ම යොදන්න ඕනෑ. මට හිතෙනවා යුද්ධය තිබුණු කාලේ වත් මෙතරම් මියගියේ නැහැ කියලා... යුද්ධය නැවැත්තුවා වගේ මේකත් නවත්වන්න මේ දෙදෙනාම නිවනේ සැනසේවා...!
ගොඩක් අනතුරු වෙන්නේ මේ කාන්තාවෝ පදින මේ ස්කුටර් වලින්. මේ අය ඔහේ යනවා කිසිම සැලකිල්ලක් නෑ. පොඩි දරුවොත් අරගෙන යන මේ අම්මලා ටිකක් පරෙස්සමින් ඕක පදවන්න හිතන්නේ නෑ. ඒකට නැග්ගම පිටිපස්සේ ඉන්න තමන්ගේ දරුවත් අමතකයි. ඉගිලෙන්න බලන්නේ. ටිපර් රථ පාරේ යනහැටි හැමෝම දන්නවනේ. ඉතිං ඒවා අස්සේ යන්නේ පරෙස්සමින්. මේ අයට කල්පනාවත් අඩුයි. ගෙවල්වල ප්‍රශ්න හිත හිතා පාරේ යන්නේ...... ඔබ දෙදෙනාටම නිවන්සුව ලැබෙන බවය දක්වා මෙවන් අකල් මරණයක් නොමවේවා.
ටිපර් සහ බස් රථ රියදුරන් රිය පැදවීමේදී අනුකම්පා නොකරයි. ඔවුන්ගේ වල් පැදවීමේ හැසිරීම අහිංසක මිනිසුන් විශාල සංඛ්යාවක් මිය යයි. පොලිසිය පාරේ නිදාගෙන උන්ට මෝඩයෝ වගේ හැසිරෙන්න දීලා.
ටිපර් රථ වැනි උසස් වාහන වල ඉදිරි 'blind spot' මිටි වාහන වලට වඩා වැඩියි. ඒ අනුව ටිපර් රථ රියැදුරකුට තම වාහනයේ ආසන්නතම ඉදිරිය 'blind spot' එකක්. ස්කූටිවල මිටි බවත් ටීපර් රථ වැනි බර වාහන නැවතීමේ දුර වැඩි බවත් නිසා ටිපර් රථයකට ඉතාම ආසන්නව පදවන වාහනයක් ඉතාම අන්තරායදායක තත්ත්වයකයි ධාවනය වන්නේ. .
ටිපර් රථ කාරයන්ගෙ කිසිම විනයක් නෑ. මට මතකයි අවුරුදු කීපෙකට කලින් මේවගෙම අම්මෙකුයි දුවෙකුයි ගිය ස්කූටර් එකකට හිතලම වෙට්ටු දාන්න ගිහින් අම්මගෙ හිස වෙන් වෙලාම ගියා.
අම්මටයි දුවටයි නිවන් සැප ලැබේවා....... මාරග විනයක් නැති එකයි මේ හැම දේටම මුල කියලයි මටනම් හිතෙන්නෙ, පාරේ යන්නේ තමුන් විතරයි කියල හිතන් යන එකයි ලොකුම අවුල. පරිස්සමින්ම යන්න ඕන මෝටර් බයික් වල යන මිනිස්සු. ඒත් උන් පාරෙ යන්නෙ කාර් එකක යනව කියල හිතාගෙන. ඒකයි මෙතන තියෙන ලොකුම වරද. පාරේ යන්න ඕන කොහොමද කියල කියල දෙන්න කාටවත් ඕන කමක් නැ
මෑත කාලයේ පාරවල් වල ස්කුටි, මෝටර් සයිකල් බොහෝ සේ වැඩිවෙලා තියනවා. ඊට ප්‍රධාන හේතුව පොදු ප්‍රවාහන සේවයේ දුර්වල කම. ත්‍රීවීල්, මෝර්ට සයිකල්වලත් සමහරුන්ගේ විනයක් නෑ. ටිපර්, පුද්ගලික බස්වලද විනයක් නැති එලවීම් බොහෝයි. පාරවල්වල තරමට වඩා වාහනත් වැඩියි. මේ නිසා ටිපර්/ඩිලිවරි වැනි වාහන උදේ 6.30 - 9.0 හා හවස 4.30- 7.30 කාලවල ධාවනය නවත්තන එක හොඳයි. මාර්ග නීතිද දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.