
(සුරංග රාජනායක)
මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතකව දමා ගොස් තිබූ රුපියල් ලක්ෂ පනහකට අධික රන් භාණ්ඩ ඇතුළු දේපල අඩංගු බෑගයක් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ට හමුවී එහි අයිතිකරුවන් සොයා භාරදීමට පියවර ගෙන තිබේ.
මහනුවර කටුගස්තොට ගුහාගොඩ පදිංචි ලක්සිරි සම්පත් යන අය හා ඔහුගේ බිරිඳ වන හිරුණි නිමාෂා යන අයට අයත් මෙම දේපළ දුම්රියේ අමතකව ගොස් තිබුණි.
හිරුණි නිමාෂාගේ ගම මාතර පාලටුව අත්තුඩාව වන අතර අඹුසැමියන් මහනුවර සිට ඇගේ මහගෙදර ගොස් එහි සිට නැවත මහනුවරට පැමිනීම සඳහා මෙම දුම්රියේ පැමිණ තිබුණි.
මෙම ගමන සඳහා බිරිඳගේ මව හා පියා ද සහභාගි වී සිට ඇත.
මොවුන් සතුව තිබූ ගමන් බෑග් කීපයක් දුම්රියේ වාඩිවී සිටි තැන සීට් එක යට තබා තිබී ඇති අතර කොටුවෙන් බැසීමේ දී මෙම බෑගය ඔවුන්ට ගැනීමට අමතකව ඇත.
කොටුවට පැමිණි දුම්රිය මාලිගාවත්ත අංගනයට දැමීමට පෙර එහි පරික්ෂා කිරීමේ දී මාතර දුම්රිය ආරක්ෂක නිලධාරි කාර්යාලයේ ආරක්ෂක 91216 ඒ.කේ. ලංකානන්ද සහ 91272 එල්.ඩී ප්‍රියංකර යන දෙදෙනාට මෙම බෑගය හමුවී මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලය වෙත භාරදී තිබුණි.
බෑගය තුළ පවුම් 3 ක රන් මාලයක් අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ ද රුපියල් ලක්ෂයක් වටිනා ඇපල් වර්ගයේ අයිෆෝනයක් හා රුපියල් ලක්ෂ 35 ක ඉතුරුම් සහතිකයක් ද බැංකු පොත් මෝටර් රථයේ යතුරු හැඳුනුම්පත් ඇතුළු දේපල තිබී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශය ඇතුළු මෙයට දායක වූ සැමට මාගේ උපහාරය පිරිනමමි. මාගේ නොව ජාතියේම උපහාරය දැක්විය යුතුයි. මෙවන් රාජ්‍ය සේවකයින් රැකගැනිම අපගේ යුතුකමයි.
මීට පෙරත් කීප වතාවක් මේ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ මෙවැනි අගනා ආදර්ශමත් ක්‍රියාවන් වාර්තා වී තියෙනවා. මටද වරෙක ඔවුන්ගේ උපකාරය ලැබී තියෙනවා. අගයීමට ලක්කළ යුතු හොඳ රාජ්‍ය සේවයක් ...
මට තේරෙන්නේ නැහැ. පොලිසියේ කට්ටිය රත්තරන් මාල එල්ලගෙන මෙකේ ක්‍රෙඩිට් එක ගන්න හදන්නේ ඇයි කියලා.
මෙවැනි අවංක රාජ්‍ය නිලධාරීන් ගැන අසන්නට ලැබීම ගැන හරිම සතුටුයි.