( සිතුම් චතුරංග)

වවුනියාව , පූන්තෝට්ටම් හි තැබෑරුමකදී පුද්ගලයකු උස්සා පොළවෙගසා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයකු අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වවුනියාව මහරම්බකුලම පදිංචි තංගරාසා දීපන් නැමති 36 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු හා මියගිය පුද්ගලයා තැබෑරුමට ගොස් සිටියදී එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ගැටුමක් හටගෙන ඇති අතර සැකකරු අදාල පුද්ගලයා දෙවරක් උස්සා පොළවෙගසා ඇති බව පොලිසිය සඳහන් කළේය.

පොළවෙ ගැසීම හේතුවෙන් මියගිය පුද්ගලයා එම ස්ථානයේ සිහිසුන්ව වැටී ඇති අතර පැයකට පමණ කාලයකට පසු එහි සේවකයින් වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පැවසීය.