
(තිලකරත්න දිසානායක)
ජාතික ජනබලවේගයේ ගම්පහ ආසන සමුළුවට හිටපු දිසාපති සහ අමාත්‍යංශ ලේකම් දූර දැරූ තිලක් හපන්ගම , ටී.එම්. අබේවික්‍රම සහ ධර්මසේන දිසානායක යන මහත්වරු ද එක් වූහ.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගර සභා පිටියේදී මෙම සමුළුව පැවැත්විණි. මෙම රැස්වීමට පක්ෂ සාමාජිකයෝ අති විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී එම පිරිස ඇමතූ එහි නායක අනුරකුමාර දිසානායක මහතා මෙසේ කීය.
තමන්ගේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබනවා. තමන් හෝ තම පක්ෂයේ කිසිවකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්තිකර නැහැ. එසේ සොරකම්කර හෝ නාස්තිකර තිබේ නම් මෙලෙස දේශපාලනය කිරීමට නොහැකියි.
එල්ල කරන මඩ සහ අවලාදවලට නොසැලෙන අතර ඉදිරියේදී මෙවන් දේ තවත් වැඩිවනු ඇති බවත් පැවසීය.
සමුළුව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගය ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික මහින්ද ජයසිංහ, ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය වසන්තා සුභසිංහ, දේශක සුජීව සිරිමෙවන් යන මහත්ම මහත්මීහු අදහස් දැක් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා !!! රටේ අනාගතය පැහැදිලියි.ජාතික ජනබලවේගය වටා මුළු රටේම ජනතාව එක්රොක්වී සිටින බව මනාව පැහැදිලි වෙනවා.ජාතික ජනබලවේගයට ජයවේවා !!!
ඇත්තටම දිසාපතිවරු ඉන්නවා නම් ඉතාමත් සතුටුයි නමුත් දිස්ත්‍රික් ලේකම්වරු ගැන පැහැදීමක් නැහැ ඔවුන් දිසාපතිලා තරම් තීන්දු තීරණ ගැනීමට දක්ෂයින් නොවෙයි නැවතත් දිසාපති තනතුරු ඇතිකරනවා නම් එහෙම බලතල දෙනවා නම් හරිම සතුටුයි ඒත් වර්තමානයේ පරිපාලන සේවය දේශපාලන හිතවතුන්ට පත්වීම් දීලා අපකීර්තියට පත්වෙලා තියෙන්නෙ මාලිමාවට ජයවේවා
රටේ එකම අනාගත බලාපොරොත්තුව ජාතික ජන බලවේගය
ගනුදෙනුවල කිසිම ප්‍රශ්නයක් නෑ.එකම දේ ආයෝජන කලානම් ඒ මුදල් උපයනු ආකාරය කියන්න. අනික තම දරුවන්ට විදෙස්‌ගත අධ්‍යාපනය දීම සඳහා මුදල් උපයාගත්ත ක්‍රමය. රාජපක්ෂ පවුල කරපු දේම ජවිපෙ කට්ටිය කරනවනම් ඔවුන්ව විශ්වාස කරන්න ඕනද?
සමහරවිට මම වැරදි වෙන්න පුලුවනි. ඒත් මට හිතෙන අන්දමට ලංකාදීපෙත් ජවිපෙ බලයට ගේන්න අර අදිනවා වගෙයි…!
උඹලා සල්ලි හොරකම් කරන්න හෝ නාස්ති කරන්න බලයේ හිටියේ නැහැ නේද? අපිට ප්‍රශ්නය හොරකම් කිරීම නොවෙයි උඹලා ගේ පාලන ක්‍රමය මොකක්ද? කොමිනිස්ද ප්‍රජාතන්ත්‍ර වාදී ක්‍රමයද? උඹලා එක්ක ඉන්න ජේවීපී කොලු නඩේ කොමිනිස්ද ප්‍රජාතන්ත්‍රද කියන එකේ වෙනස දන්නේ නැති බව අපි දන්නවා. උඹලා හිතන කොමිනිස් ක්‍රමයට නම් අපේ කැමැත්ත ලැබෙන්නේ නැහැ. රුසියාවටත් එපා වෙච්ච කොමිනිස් ක්‍රමය අපිට මොන බම්බුවකටද බොල?
ඔය ප්‍රකාශය 1970 සිට මිනීමැරුම්, හොරකම් දේපළ විනාශ කරමින් ගිනිතබමින් දහස් ගණනක් කරලා තියෙනවා... අපි සියැසින් ඒවා දැක්කා..
මේ එකතු වෙනවා කියලා කියන අය ඔක්කොම විශ්ව විද්‍යාලයේ හිටපු කාලේ ඉඳලාම ජවිපෙ අය තමයි. අලුතෙන් එකතුවෙනවා කියලා ප්‍රචාරය කරනවා.
ඒක ඇත්ත ඔවුන් රාජකාරි කරපු කාලයේ මම ඔය එක්කෙනෙක් හමුවෙන්න උන්දැ හිටපු අමාත්‍යාංශට ගියා... කියන්න කණගාටුයි උන්දෑ දුන්නු උත්තරය මට රාජ්‍ය සේවයම එපාවුනා. ඊළඟ වතාවේ ජනාධිපතිවරණය සඳහා මාලිමාවට සුලු කැමැත්තක් මේ පුවත දකින තුරුම තිබුනත් ඔතන නම තියෙන කෙනෙක් නිසා අදහස ඉවත්කර ගන්න බලාපොරොත්තුවක් ඇතිවුණා. රාජ්‍ය සේවයේ සිටි එහෙම දූෂිතයින් නොගන්න කියලා නැවතත් ඉල්ලා සිටින්න කැමැතියි...
නැහැ හැත්තෑවට කලින් ඉඳලාම මහජන දේපල කොල්ලකාපු, මිනීමරපු සෙට් එකක් ඉන්නවා... ඔවුන් නිසා අපිට, අපේ දරුවන්ට යන එන මං නැහැ. අදත් ඔවුන් එහෙමම ඉන්නවා. තවමත් සමහරුන්ට ඕක තේරෙන්නේ නැහැ... නැත්නම් තේරිලා හිත හදාගන්න ඔය හැත්තෑ එකට 88/89 කාලෙට යනවා. ඒත් බහුතරයක් දන්නවා කව්ද හොරු කියලා...
ඔය කරන්නේ දේශපාලනයක් නොවෙයි. මිනිසුන් මුළා කිරීමක්. ඔතන ඉන්න සමහර අය ඉපදෙන්නත් පෙර 1980 දශකයේදී පාරවල් දිගේ තිබුණු විදුළි රැහැන් කණු දහස් ගණනක් විනාශ කර, ට්‍රාන්ස් ෆෝර්ම දහස් ගණනක් ගිණිතබා රටම අඳුරට හෙලා, මහා රෑ තමන්ට විරුද්ධ වූ අයගේ නිවෙස්වලට පැන කුඩා දරුවන් ඉදිරියේ තාත්තලා අමු අමුවේ මරා දමා ගෙවල්වල තිබූ රන් රිදී හොරාකා, බස් රථ දහස් ගණනක් ද ඇතුළුව පොදු දේපළ ගිණිතබා විනාශ කර රටම ආපස්සට තල්ලු කරපු බව අමතකද?. පුළුවන් නම් කතරගම දෙවියන් ඉදිරියට ගොස් අපි ඕවට නෑ කියලා දිවුරන්න. දිව්රුවොත් ගෙදර යන්න වෙන්නෙ හොම්බෙන් තමයි. රටට අද ඇති වී තිබෙන ආර්ථික අහේනියට අඩිතාලම දැම්මෙ මෙයාල මිස වෙන කවුරුවත් නොවෙයි.
සිල්වා මහත්මයා ,හිත හදාගන්න ඔහොම කිව්වාට, බහුතරයක් උගතුන් ඔතන, එහෙම නැත්නම් ඒ පෞද්ගලික වාසි බලාගෙන ඉන්න රට කාලකන්නි කරන්න උදව් කළ අය, විශ්ව විද්‍යාලය කාලේ ජවිපෙ කරපු හැමෝම එළියට ආවම එහෙම නැහැ.
ඔය හිටපු ඉන්න ගොඩක් ලොක්කො පොහොට්ටුවට කඩේ ගිය අය. බලන් යනකොට මාලිමාව කියන්නේ පොහොට්ටුවෙම දෙකද
විශ්‍රාම ගිහිල්ලා ගෙදරට වුණාම කරන්න වැඩක් නැතුව වේදිකාවලට නගිනවා. මේවායින් ප්‍රචාරණ වාසියක් මිස වෙන කිසිම දෙයක් නැහැ. සේවය කරන කාලේ කරන්න බැරිවෙච්චි ඒවා දේශපාලන තනතුරු වලින් කරන්න බැහැ.
රටත්, ජනතාවත් විනාශ කරපු දූෂිත අසාර්ථක පාලනයට එරෙහිව ජනතාව වේගයෙන් npp එක වටා එකතු වෙනවා...
URA, මහත්මයා ඉතින් ජවිපෙට තිබුණු 3% 55-55% කරගන්න නම් පොහොට්ටු, සජබ සේරම එකතු කරගන්නම වෙනවා. ඒකෙ ඇති වරද කුමක්ද? පොහොට්ටුවේ බැසිල් එහෙම... ඔතැන නැහැනේ...
වනිගසූරිය මහත්මයා, දැන් ඔබේ දරු මුණුබුරන්ට යහපත් රටක් තියෙනවාද? මම ඉන්නේ දුප්පත් ගමක, මෙහෙ දරුවො පාසල් යනවා... එතැනින් එහාට මොනවා වෙයිද කියන්න බැහැ... වෙනදා පහත් තත්ත්වයට දාලා කතා කළ ගාමන්ට් ජොබ්වත් නැහැ. රටේ නීතියක් නැහැ. ජවිපෙ එදා ඔය තත්ත්වයට ඇද දැමූ මේ පාලකයෝ රටේ ජනතාවට උරුම කළේ ඔය ටිකයි. ඔබ වැනි අය පත්කළ පාලකයින්ගේ කෙරුවාව තමයි. අපි එදා ජවිපෙ නෙවෙයි දකින්නේ, යහපත් නීතිය රකින රටක් උදාකරන ව්‍යාපාරයක් හැටියට, මාලිමාවට ජයවේවා!
බාදක දැක පෙරමුණේ මොන නදියෙද නැවතුනේ .මාලිමාවට ජයවේවා