(යොහාන් භාසුර)
ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලංගම පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් වංචා බවත් එම වංචා පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් රියදුරන් හා කොන්දොස්තර මහතුන් බෙදාගන්නා ගැනීම දිනපතා සිදුවන ක්‍රියාවලියක් බවත් ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් එසේ අහිමිවන බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලේසියිනේ... පලපුරුද්ද තියෙන සුදුළූණු වැඩේම කරන්න.
වැරැද්ද මගීන්ගේ අතේ. ඇයි දෙන මුදලට ටිකට් නොගන්නේ...? ටිකට් නැතුව යන අයට ඉස්සර නම් දඩ ගැහුවා. දැන් එහෙම නැද්ද?
වැරැද්ද මගීන්ගේ අතේ නොවෙයි. වැරැද්ද ඇත්තේ මුදල් ගත්තාට පසු ටිකට් නොදෙන කොන්දොස්තර අතේයි. හොරකම මේ රටේ උඩ ඉඳලා පහලට මුල් බැහැලා තියෙන්නේ...
බුල්ඩෝග් ඇමැතියාට හොරකම් කරන්න පුළුවන් නම්, අපිට බැරි ඇයි?
ලංගම පාඩු ලබන්න ප්‍රධාන හේතුව තමයි දරන්න බැරි සේවක සංඛ්‍යාවක් ඉන්න එක... කලින් කලට ආපූ නූගත් ඇමැතිලා ඔවුන්ට කඩේ ගියපු නූගත් හෙන්චයියලාට රස්සාවල් දුන්නා. සුදුසුකම් මොනවත් නැතුව. ඔය හොරකම් කරන්නෙත් ඔවුන්ම තමයි. සාමාන්‍යයෙන් පුද්ගලික බස් රථයකට ඉන්නේ සේවකයෝ දෙන්නයි. ලංගම බස් එකකට සේවකයො 4-5ක් ඉන්නවා. ඕන ඩිපෝවකට ගිහිල්ලා බලන්න බස් එකක් නැතුව රියදුරන් කොන්දොස්තරලා නිකං ඉන්නවාද කියලා. ඔය සේරම මහජනතාව මත. බන්දුල ගුණවර්ධන කොහොමත් අසාර්ථකම ඇමති කෙනෙක්...
ඇමැතිවරු ඔක්කොම හොරු තමයි...