(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කන්තලේ,භාතිය ගම ප්‍රදේශයේ පිහිටි ගෙවත්තකබැඳ දමා සිටි රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා එළ ගවයකු  සොරාගෙන ගොස් මස් පිණිස විකුණූ බව කියනපොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු කන්තලේ මූලස්ථාන පොලීසිය විසින් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ කන්තලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ කන්තලේ ප්‍රදේශයේම පදිංචි තවත් අයෙකි.

ගෙවත්තේ බැඳ දමා සිටි මෙම එළ ගවයා තඹලගමුව ප්‍රදේශයේ අයෙකුට මස් පිණිස විකුණා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයිප්‍රදේශයේ උසස් පොලිස්  නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

එළ ගවයාගේ  අයිතිකරු මුලින්ම සිතා ඇත්තේ මෙම ගවයා අයාලේ ගොස් ඇති බව යැයි පොලිසිය කියයි. පසුව එළ ගවයාගේ අයිතිකරු මෙම ගවයාපොලිස් කොස්තාපල්වරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු විසින් සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි කර ගැනීමෙන් පසුඒ බවකන්තලේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.