කන්ද උඩරට මහා මංගල්‍යය මහනුවර ඇසළ පෙරහර මෙවරද මහත් අභිමානයෙන් අද (21) සිට ලබන 31 දක්වා  වීථි සංචාරය කරයි. දින 10ක් පුරා පැවැත්වෙන  පෙරහර මාර්ගය මර්ග ගත ක්‍රමයට එදිනෙදා දැන ගැනීම සඳහා ‘‘සූර්යා‘‘ වෙතින් QR code එකක් ලංකාදීප පුවත්පත මගින් ඔබ අතට ලබා දෙයි.  එම QR code එක ඔස්සේ දින පතා පෙරහර මාර්ගය පහසුවෙන් ඔබට දැන ගත හැකියි.

ඔබට පෙරහර නරඹන ස්ථානය ඒ ඔස්සේ  තීරණය කිරීමේ හැකියාව ඇත.

ඇසළ පෙරහර වාර්ෂාව සහ සශ්‍රීකත්වය පතා සිදුකරන චාරිත්‍රයකි. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේට  සිදුකරන ගෞවරයක් ලෙස මෙම ඇසළ මංගල්‍යය පැවැත්වේ.

විදේශීය සංචාරයන්ගෙන් සියයට 65ක් පමණ පිරිසක් මෙවර දළදා මාලිගාවට පැමිණ  ශ්‍රී දළදා පෙරහර නරඹනු ඇතැයි  සන් මැච් සමාගමේ විධායක අධ්‍යක්ෂ අලෙවි ගෞරි රාජන් මෙනවිය පැවැසුවාය.

එසේ පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් සූරියා සුවඳකූරු වර්ග 14ක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.  ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම මෙනෙවිය සූර්යා සන්නාමයේ සන්නාමතානාපතිනිය ලෙස කටයුතු කරයි. ඒ වාගේම සූර්යා නිල සුගනධ ධූපය  වශයෙන් අනුග්‍රහය දක්වන ‘‘ගුත්තිල‘‘ බොදු සිනමා පටය අති සර්ථකව තිරගතවීම ගැන ආඩම්බර වන බව ගෞරි රාජන් මෙනවිය පැවැසුවාය. වසර 40ක් පැරණි සන් මැච් සමාගම පෙරහර නැරඹීයට ඔබ සැමට ආරාධනා කරයි. ලංකාදීප පුවත්පෙත් පළමු පිටුවේ එම QR code එක ඔබ අතට පත් කරන්නෙමු.