(තිසර සමල්  )

තඹුත්තේගම තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී අද (21) අලුයම වන අලියකුගේ පහරදීමෙන්  කාන්තාවක් මියගොස් ඇතයි පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවකි.

ඇය උදෑසන 5.20 ට පමණ උදෑසන ආහාර පිසිමින් සිට, කරපිංචි අත්තක් කඩා ගෙන ඒම සඳහා තමන් පදිංචි නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට  යමින් සිටියදී  ඇගේ මවගේ නිවස ඉදිරිපිටදී මෙලෙස වන අලි පහරදීමකින් මියගොස් ඇත.

වන අලියා පහරදීමේදී ඇය කෑ ගසා ඇති අතර, ඒ කෑ ගැසීමට නිවැසියන් පැමිණෙන විට ඇය බරපතල තුවාල ලබා බිම වැටී සිට ඇත.ඇය තඹුත්තේගම රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව  රෝහල් ප්‍රකාශකයකු පැවසීය.