(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය සහ මහ බැංකුව එක්ව සංචාරක ක්ෂේත්රය ගොඩනැංවීම සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අධික බැංකු පොලිය ගෙවා ගන්නට බැරිව සංචාරක ක්ෂෙත්රය කඩා වැටී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
රටට ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නැතැයි කී හේරත් මහතා තවමත් ආණ්ඩුව එය හදන්නේ නැතැයි ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියන්නේ හෝටලයක් විවෘත කර එතැනදි කතාවක් පැවැත්වීම නොවේ යැයිද විජිත හේරත් මහතා පැවසීය.
සංචාරක කර්මාන්තයේ කඩාවැටීමට හේතුව රටේ පාලකයන් බවද මන්ත්‍රීවරයා කීය.
ආණ්ඩුව පළමුවෙන්ම කළ යුත්තේ මහ බැංකුව සමග සම්බන්ධ වී පොලී පිට පොලී වැඩි කිරීම නොව පොලිය කපා හැර හරිනම් ගත්ත ණයත් කපා හැරීම බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. වැඩ වර්ජන මෙහෙයවලා, රට ගිනි තියලා, පිටරට මිනිස්සුන්ට මේ රට එපා කරවන පුවත් මවලා, සූර් වෙලා ගිහින් වාහනේ ලයිට් කණුවල හප්පලා වගේ දේවල් කරලා තමයි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්...
එහෙමනම් පිටකොටුවේ, ලිප්ටන් වට රවුමේ, ගුවන්තෙටුපල ළඟ පාරවල් අවහිර කරගෙන දවස් ගණන් විරෝධතා ව්‍යාපාර පවත්වමු. අර අනතරේ ඉන්න අඳ බාලයින් ටිකට කිව්වා නම් ටක් ගාලා පාරට බහී...
''පොළිය කපාහැර ගත් ණයත් කපා දැමීම'' එහෙම කරන්න තරම් රටට සල්ලි තියෙනවද? ඕක නම් මෙයාලාගේ ප්‍රතිපත්තිය රටේ මිනිස්සුන්ට හොම්බෙන් තමයි යන්න වෙන්නේ... "බලය ලැබුණොත්..."
ඔව් ඔව් කතා පවත්තලා හරියන්නේ නෑ. ගිනිතියන්න ඕනෑ, මංකොල්ල කන්න ඕනෑ. මිනී මරන්න ඕනෑ. තව එයාපෝට් එකේදී ටුවරිස්ට්ලා යන එන වාහන මැරයෝ දාලා කඩු අරගෙන චෙක් කරන්න ඕනෑ. එතකොට මේ රටේ ටුවරිස්ට්ලා පිරෙයි. සල්ලි ගලාගෙන එයි. අනේ මහත්තයෝ ටුවරිසම්වලින් ජීවත් වෙන හැටි අපි දන්නවා... තමුන්ලාගේ කෙරුවාවල් හින්දා වින්ද දුක...
ඒක සහතික ඇත්ත .පරපුර උද්ඝෝෂණ මාලාවක් පටන් ගත්තානම් පුළුවන් .අනේ පල
සම්පුර්ණ ඇත්ත. ඔයාල දන්න දවසේ ඉඳලම දශක ගණනාවක් තිස්සේ කරන්නෙ බොරු පුහු කතා විතරයි. කර්මාන්තයකටවත් රටටවත් කාටවත් ඉන් වුන සෙතක් නැහැ.
එහෙනම් ගොයියෝ කථා පවත්වලා අනුන්ගේ වැරදි පමණක් කියා චන්දෙ ගිනන්නත් බැහැ කියලා මතක තියා ගනින්. අපි උඹලගේ කතා අහලා උඹලට චන්දෙ දෙන්නේ නැහැ