(සමන් පාලිත නානායක්කාර )

හපුතලේ  ප්‍රධාන සංචාරක හෝටලයක් තුල අද 22 රාත්‍රීයේ කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය වී තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි .

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද තුවාල ලබා ඇත්තේ එම හෝටලයේ හිමිකරු බවද මේ වනවිට කළ මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදී  සිටි එක්  පුද්ගලයෙකු රෝහලට ඇතුළු කරන විටත් මියගොස් ඇති බවත් අනිත් පුද්ගලයා තුවාල ලබා දියතලාව  මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි. 

මෙම වෙඩි තැබීම හේතුව, වෙඩි තැබීමට පැමිණි වාහනයක් හෝ පැමිණි ආකාරයක් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි.

හපුතලේ පොලීසිය  පරීක්ෂණ පවත්වයි.