(ඉන්දිකා රාමනායක)
සුඛෝපභෝගි මෝටර් රථයකට ව්‍යාජ ලේඛණ සකස් කර ආරක්ෂක සමාගමකට අනුයුක්ත කළැයි කියන නාවික හමුදාවේ හිටපු නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
සැකකරු මාස 4 ක් පොලිසිය මගහරිමින් සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරුගේ මෙම සුඛෝපභෝගි මෝටර් රථය, ඔහුගේ පුද්ගලික ආරක්ෂක සමාගමේ රාජකාරි කරමින් සිටි තවත් කමාන්ඩර්වරයකු ධාවනය කරමින් සිටියදී, මෙම වාහනය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකය මගින් මීට මාස 4 පෙර ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෝටර් රථයට ව්‍යාජ ලේඛණ සකස් කර එය ධාවනය සඳහා යොදවා ඇත්තේ එම පෞද්ගලික ආරක්ෂක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ සැකකරු, සිද්ධියෙන් අනතුරුව ඔහු පළාගොස් සැඟව සිටි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි කියලා අපි හිතන් ඉන්න මිනිසුන් ගොඩක් දෙනෙක් කරන්නෙම අපිට හිතාගන්නවත් බැරි තරමේ නරක වැඩ