(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඇසළ පෙරහර නැරඹීමට පැමිණි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරා ගැනීමට තැත් කළ ලියාපදිංචි අපරාධකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු කෘතහස්ථ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු ඔහුගේ දෙන අසල තැන්පත් කොට තිබූ රණමයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයා බව පොලිසිය කියයි.
පොලිස් අපරාධ කොට්ඨාසයේ ලියාපදිංචි අපරාධකරුවෙකු වශයෙන් නම සඳහන්ව ඇති 71 හැවිරිදි මෙම සැකකරු ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කළ දිනයේ ජනතාව අතර තෙරපෙමින් කාන්තාවකගේ අත් බෑගයක තිබූ මුදල් පසුම්බියක් සොරාගැනිමට උත්සාහ කළ අවස්ථාවේ දී අවට ජනතාව ගේ ද සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැට පැන්නත් හොරා හොරාමයි.
සම්මානනීය විදිහට ඔහුට සලකන්න ඕනෑ.