(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

තෙල්දෙණිය පොලීසියට අනියුක්තව දූෂණ මර්ධන අංශයේ සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු කසිප්පු ජාවාරම්කරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගනිද්දි අල්ලස් හෝ දූෂණ මර්ධන අංශය මගින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ .

නීති විරෝධී මත්පැන් අලෙවිකරුවකු ගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබාගනිද්දී අල්ලස් නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය පොලීසියට භාරදි තිබේ .

සැකකරුවන් දෙදෙනා හෙට (23) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය .