(සුමිත් පොතුපිටිය )
කළුතර සිරිකුරුස විදුහල ඉදිරිපිට ගාලුපාරේ පදික මාරුවේ දී යතුරුපැදියක ගැටී පුද්ගලයකු මියගොස්, පාසල් සිසුවියක සහ හිටපු නාවික හමුදා සෙබළෙකු තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ තල්ගස්වල, තල්ගස්වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටී අය්යාප්පුලි යේසුදාසන් නමැති 54 හැව්රිදි පුද්ගලයකි.
යතුරුපැදිය පැදවූ හිටපු නාවික හමුදා සෙබළෙකු සහ ඔහුගේ 17 හැව්රිදි දියණිය කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කර තිබේ.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසීමක් නැතිකමයි, හදිස්සියයි තමා මෙවනි අනතුරුවලට මුල. විනාඩියක් ඉවසන්න බැරිද වාහනය නවත්වලා ?. පදික මාරුවටත් ගරු කරන්නෙ නැති තත්වයක් දැන් උදා වෙලා තියෙන්නෙ. මියගිය යේසුදාසන් මහතාට නිවන් සුව පතමි.
මෝඩ හදිස්සියක් තියෙන්නේ..., හරියට වැඩක් තියන අය වගේ...