(මහින්ද නිශ්ශංක)
දේශීය බිත්තරයක මිල රුපියල් 30 - 35 ට පාරිභෝගිකයන්ට හිඟයක් තොරව මිලදී ගැනීමේ අවස්ථාව උදා වූ වහාම බිත්තර ආනයනය නතර කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
දේශීය බිත්තර රුපියල් 60 - 65 ට අලෙවි කරමින් බිත්තර නිෂ්පාදකයන. අසීමිත ලාභ ලැබූ බවත් රජය බිත්තර ආනයනය කිරීමෙන් පසු බිත්තරයක මිල රුපියල් 40 - 45 දක්වා අඩු කිරීමට ඔවුන්ට සිදු වූ බව රාජ්‍ය වාණිජ විවිධ. නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි. වලිසුන්දර මහතා පැවසීය.
දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 750 ක් ආනයනය කර රටපුරා ලංකා සතොස හා සුපිරි වෙළෙඳසල් හරහා ජනතාවට අලෙවි කර ඇති බවත් ඒ මහතා කීය.
මේ අතර ලබන දෙසැම්බර් මාසය වනවිට රටේ දේශීය බිත්තරවලින් ස්වයංපෝෂිත වන බවත් එවිට දේශීය බිත්තරයක මිල රුපියල් 30 - 35 ට අඩු වන බවද සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලම බිත්තර හදාගෙන එයාලටම තමා කන්න වෙන්නෙ . එක එක සංවිධාන හදාගෙන ගසාකනවා.
බොහොමයක් දේශීය නිෂ්පාදකයින් අසීමිත ලෙස පාරිභෝගිකයා ගසා කෑම බහුලව සිදුවන්නකි. රජයකින් සිදුවිය යුත්තේ නිශ්පාදකයාටත් පාරිභෝගිකයාටත් සාධාරන මිලක් ලබාදීමයි. අපේ රටේ සිදු නොවන්නේද එයමය. වැරැද්ද ඇත්තේ අකාර්යක්ෂම දූෂිත පාලකයින් බලයට පත් කරන ජනතාව අතේමය.
බඩ ඉරිගු වලට කන පැලෙන්න බදු ගහල තියෙන විදේශ විනිමය ටිකට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරනව. මුන් වගේ මී හරක්. බඩ ඉරිගු ලංකාවෙ ඹ්න තරම් වැවෙනව වවන්නත් පුලුවන් ප්‍රෂ්නයට උත්තරේ එකන තියෙන්නෙ. හැබැයි එතකොට මහ පරිමාන බිත්තර වෟාපාරිකයින්ටයි බික්කර ආනයනයෙන් කොමිස් ගහන උන්ටයි මුකුත් නැතුව යනව එකනයි ගේම කියෙන්නෙ.
හොඳ වැඩේ බිත්තර කාරයට
රජය මගින් ඔය වැනි ආයතන සම්බන්ධයෙන් නිවැරැදි විගණනයක් කරනවා නම් පාරිභෝගිකයින්ට සාධාරණයක් කරන්න පුළුවන්...
ලංකාවේ කුකුලු ගොවිපලවල් වීශාල ප්‍රමණයක් වැහිලා... ඒ නිසා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට තමන්ගේ ආදායම් මාර්ග අහිමිවෙලා. ඒකට හේතුව ආණ්ඩුවේ මුග්ධකමයි උද්දච්චකමයි. සත්ව නිෂ්පාදනයේ ප්‍රධාන යෙදවුමක් වන බඩ ඉඟුරුවලට අධික බදු ගහලා බිත්තර මිල අඩු කරන්න බල කරනවා. ඊට පස්සේ තමගේ ගේමට බහිනවා. බිත්තර ආනයනය කරලා ඒකෙන් කොමිස් ගහනවා. රටේ මත්පැන් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති නමුත් රටින් අරක්කු ගෙනැල්ලා විකුණන්න ආණ්ඩුව කල්පනා කරන්නේ නැහැ. මොකද ඒ බිස්නස් එක කරන්නේ තමන්ගේ එවුන් නිසා...
වෙළෙඳපොළේ මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම එක්ක. බිත්තර නිෂ්පාදකයා සංවිධාන හදාගෙන මිල අසීමිතව වැඩි කරනවා නම් පාරිභෝගිකයා බිත්තර කන එක නතර කරන්න ඕන. ඒත් ඒකට ලංකාවේ මිනිස්සු ලෑස්තිද? ඒ නිසා රජය මෙතැනදී වෙළෙඳපළට මැදිහත්වෙලා සැපයුම වැඩි කළා. ඒකෙන් තමයි දේශීය බිත්තරේ මිල බැස්සේ. මොන නිෂ්පාදනේ ගත්තත් ඒකේ පිරිවැය අවම කරලා හොඳ තත්ත්වයේ භාණ්ඩ දෙන්න නිෂ්පාදකයා දැන ගන්න ඕන. බඩ ඉරිඟු අච්චර මෙච්චර හදනවා ඒවා අරන් කුකුළු කෑම හදන කතා කුකුළු ගොවිපළ හිමියෝ දැන ගන්න ඕනෑ. පුද්ගලික ආයතන විගණනය කරන්නයි, බඩ ඉරිඟු මිලට අරන් අඩු මිලට කුකුළු ගොවියට දෙන්නයි කොච්චර රජයේ නිලධාරීන් ඕනද? රජයේ නිලධාරීන්ට පඩි ගෙවන්න සල්ලි මදි කියන ගමන් හැමදේටම රජය මැදිහත් වෙන්න කියන්නේ විකාරද?
රජයක් හැටියට නීතිය ක්‍රියා කරලා බිත්තර වැඩිමිලට දෙන අයට ලොකු දඩයක් ගැහුවා නම් වෙන රටවල්වලින් බිත්තර ගේන්න ඕනෑ නෑ... නමුත් නීතියක් නැති රටක බඩේ අමාරුවට අමුඩෙ ගහනවා වගේ වැඩ කරන්නේ...
මෙය අනෙකුත් සංගම්වලට සමාන සංවිධානාත්මක මාෆියාවක්