(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්මි කුඩලිගම)

රත්මලාන දුම්රිය පොළ අසල මස් වෙළඳසලක හිමිකරුට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අඟුරුවාතොට කෙසෙල්හේනාව ඇළ මාර්ගයක දමා ගොස් තිබියදී හමුවූ බව පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ රත්මලාන අරලිය මාවත පදිංචිව සිටි අනුර දේශප්‍රිය සිල්වා නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා වෙළඳසැල තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණ තිබූ වෙඩික්කරුවන් පිස්තෝල අවියකින් වෙඩි තබා පළා ගොස් තිබිණි .

බරපතළ තුවාල ලද ව්‍යාපාරිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි

යතුරුපැදියක් ඇළ මාර්ගයක තිබෙන බවට පොලිසියට ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරකට අනුව යතුරුපැදිය සොයාගෙන තිබිණි.

යතුරු පැදියේ චැසි අංකය හා එන්ජින් අංකය මකා තිබූ අතර ඉදිරිපස ලියාපදිංචි අංක තහඩුව පමණක් තිබු බව පොලිසිය කියයි.

එම ලියා පදිංචි අංකය කුරුණෑගල පදිංචිකරුට අයත් එකක් බවත්, එයද ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට බොහෝ දුරට සැක කළ හැකි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.