(යොහාන් භාසුර)
ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් සහ තවදුරටත් ක්‍රමවත්ව සකස් කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
කොටුව සහ කොටු පරිශ්‍රය දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් හා කොටුව තුළ පිහිටා ඇති විහාරස්ථානය, කොවිල සහ එහි ස්ථානගත කර ඇති හමුදා කඳවුරෙහි කාර්යයන් සඳහා බාධාවක් නොවන අයුරින් නියමු සැලැස්මක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
කොටුව සහ ඉන් පිටත ස්මාරක තව දුරටත් ආරක්ෂාකාරී ලෙස සංරක්ෂණය කරන ලෙසත්, කැනීම් කිරීමට පවතින ප්‍රදේශන් කඩිනමින් සංරක්ෂණය කර අවසන් කරන ලෙසත්, සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා කොටුව පිළිබඳව තොරතුරු ලබාගත හැකි විවිධ ක්‍රමවේදයන් සකස් කරන ලෙස ද වික්‍රමනායක මහතා පැවසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ, සංරක්ෂණය කරන ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට විවෘත කිරීම සහ සංචාරක ප්‍රවේශ පත්‍රයක් ඒ සදහා හදුන්වා දෙමින් අමත්‍යවරයා එසේ සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ත්‍රිකුණාමලය ‘ෆ්‍රෙඩ්රික්’ කොටුව සංචාරකයින්ට විවෘත කරයි