(ඉන්දිකා රාමනායක)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ,ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඇති බව කියන සිද්ධියේ විමර්ශන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී පොලිස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ නියමයෙන් එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම වංචාව සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විමර්ශන ආරම්භ කර මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ සේවකයන් දෙදෙනකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණි.
ධාවයෙන් ඉවත් කරන වාහන අංක වලට නියම හිමිකරුවන්ගේ නම් ඉවත් කර වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීමෙන් කාලයක සිට එහි සේවකයන් පිරිසක් විසින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය තොරතුරු හෙළි කර ගෙන තිබුණි.
ශ්‍රි ලංකාවේ ධාවනය වන වාහන 430 ට අධික ප්‍රමාණයක අයිතිකරුවන් වශයෙන් මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ගේ නම් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ පරණ වාහන සේල් නිසා කෙරෙනවා කියලා හිතෙනවා මොකද සමහරක් අය අඅනතුරු වෙලා වෙන්දේසි කලාම ඒක මිලට අරගෙන කියනවා මට ඕන පොත විතරයි කියලා නමුත් අතීතයේ සිදුවූ එහෙම දේවල් වාහන දුම් සහතික නිසා නොකරනවා කියලා කියන්න පුළුවන්ද ඒගැනත් පරීක්ෂා කලොත් හොදයි
රටේ ඉහලම පුගලයින් නීතිය තුට්ටුවකට මායිම් නොකොට දූෂිත ක්‍රියාවන් වල දෙනකොට ඊට පහල අය නීති ගරුක විනය ගරුක අය වෙන්නේ නැහැ
ලංකාවෙ වංචාව දූෂණය ඔඩු දුවලා මහ එකා හිට ගෙන කරන දේ උගෙ ගෝලයො දුව දුව කරනවා කියන්නෙ කට කහනවටද?