(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහනුවර ශාන්ත අන්තෝනිබාලිකා විද්‍යාලයට ළමුන් 29 දෙනෙකු  ඇතුළත් කර ගැනීමටව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ග්‍රාම  නිලධාරීවරයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර  ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී  වසම ක රාජකාරි කරන ග්‍රාම නිලධාරී වරයෙකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා විසින් පසුගිය අප්‍රේල් මස 26 වෙනිදාමීට අදාළව කරන ලද පැමිණිල්ලක් අනුවපරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

තමන්ගේ නිල නාමය ,තනතුර  සහ අධ්‍යාපන  අමාත්‍යාංශයේ  ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර කූට ලේඛන සකස්කර මෙම ළමුන් 29දෙනා විදුහලට ඇතුළත් කරගෙන ඇති බවට අතිරේක ලේකම්වරයා පොලිසියට පැමිණිලි කර තිබිණි.