(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රූපවාහිනී අයි නාලිකාවේ ගුවන් කාලය පැවරීමේදී දූෂණයක් වංචාවක් සිදුවී ඇතැයි ඔප්පු කළොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ජනමාධ්‍ය,ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේමතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
මේ ගැන කරුණු දැක්වීමට අවස්ථාව සලසා දීම ගැන අනුර කුමාර දිසානායකට ස්තුතිවන්ත වෙනවා. මෙම නාලිකාව සමාගමකට විකිණීමක් හෝ බදු දීමක් හෝ කර නැහැ. ගුවන් කාලය මාස හයකට කුලී පදනම මත මසකට මිලියන 150ක බදු මුදලකට වී.අයි.එස් බ්‍රොඩ්කාස්ටින් සමාගමට පවරලා තියෙනවා. මම කිසිම අනීතික පැවරීමක් සඳහා උපදෙස්දී නැහැ. මේකට අනුමැතිය දුන්නේ මට නිත්‍යානුකූල බලයක් ඇති නිසයි. අත්සන් කරන ලද ගිවිසුම සභාගත කරනවා. අවබෝධතා ගිවිසුම දැන් ඔබතුමාලට පරික්ෂා කරන්න පුළුවන්. අපි මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම ජනාධිපතිතුමා කිව්වා මේක කැබිනට් එකට ගෙන්න ඕන එකක් නෙවෙයි කියලා. ව්‍යාපාරයක් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයට අයිතියක් තියෙනවා කියලා කිව්වා.
රූපවාහිනී සංස්ථාව 2018 ඉඳලා අලාබයි. මේ මුළු කාලයට කෝටි 166ක් අලාබයි. මේ ආයතනයට අන්තිම වෙනකොට විදුලි බිල ගෙවන්න බැහැ. ජාතික රූපවාහිනිය වුණත් විදුලිය කපන එක නතර කරගන්න විදිහක් නෑ. මේ මුදල ලැබුණම මම මුලින්ම කළේ විදුලි බිල ගෙවන එක. මිලියන 75 ම පාවිච්චි කළේ සංස්ථාවට. ඒක නොකළ නම් මේක නතර වෙනවා. වංචාවක් දූෂණයක් තියෙනවා නම් උසාවි යන්න පුළුවන්.එහෙම දෙයක් වුණා කියල ඔප්පු කළොත් මම ඉල්ලා අස්වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ එහෙම උනත් මොල්ටාවේ එහෙම වෙන්නේ නෑ!
කියපු දේවල් වල හැටියට ගෙදර යන්ඩ තිබුනේ මීට කලින් . දේසපාලුවෝ කවද්ද බලය අතහැරියේ, සදහටම බලයේ එල්ලීගෙන ඉන්ඩ හදනවා මි
හරි අපි විමර්ශණය නිසි තැනට බාරකරමු. ගරු විගණකාධිපතිතුමනි, ඉතිරි කොටස ඔබතුමාට බාරකරමු. හොරාකෑවා ඇතිද? නැතිනම් ලෝ වැඩ සඟරාවේ එන ලිපගිනි මොලවන තෙක් දිය ... මතක් වුණාද?
සෑම ඇමැති කෙනෙක්ම කියන්නේ ඔප්පු කළොත් ගෙදර යනවා කියලා. ගෙදර ගිය කවුරු ගැනවත් මේ දක්වා අහලා නැහැ. ඔව්, ඔව් වැරැදිකාරයෝ ඡන්ද දායකයෝ තමයි.
ඔය විදියට කී පාරක් කියල ඇත්ද ඔය එක්කෙනා . එහෙම උනා නං දහ දොළොස් පාරක් අස් කරල .
බලු වැඩ, හොර වැඩ කරලා ඕක තමයි හැමෝම වගේ කියන්නේ... පාර්ලිමේන්තුවට ඇවිල්ලා. හැබැයි තව ගෙදර ගිය කෙනෙක් නැහැ. ඒත් හොරකම්වලින් රට පිරිලා.
ඔප්පු කරන්න තරම් කරුනු තිබ්බත කොයි දේශපාලකය ද හොරකම් කලා.කියලා.පිලිගත්තේ ? නිකන් රට්ටු හිනස්සන්න එපා.
මෙයා කතා කලොත් පට්ටම බොරු. මීට කලිනුත් මෙයා අවස්ථා ගණනාවකදී ඉල්ලා අස්වෙනවා කිව්වට, එහම වෙලා නැහැ.
ඒ කියන්නේ ඔප්පු කරන්න බැරි විදිහට ගේම දීලා
ගෙදර ගියා නම් කී පාරක් දැන් යන්න වෙලාද. ඕවා ඔප්පු වෙන්න ඕනේ නෑ. ඔයත් අනෙක් අය වගේම ලෝක හොරෙක්. මහජනතාවට පව් නොදී දියවන්නාවෙන් විතරක් නෙවී රටෙනුත් යන්න කරුනාකරලා
“ඔප්පු කරන්න පුළුවන් විදියට හොරකම් කරන්නේ කවුද“ ඔහේලාගේම වඩේ කාරයෙක් කිව්වේ...!