(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළාගේ සිරුර එහි එල්ලෙමින් තිබියදී අද (22) පස්වරුවේ සොයාගත් බව බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචිව සිටී ඒඒඩී ප්‍රියාන් මධුරංග නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැවිරිදි වාසනා කුමාරී සහ මාස 11 ක් වයසැති බිළිදියකවූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්දයෙන් අගුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් NGO කාරයොයි, පරගලයොයි කියයි ඡන්දෙ ලන්වෙනකොට ඔහොම තමයි කියල .
මුට හම්බවෙන්න ඇති හිරේදී .සුපිරි කෑමක්
එහෙමවුණු එකත් හරි වගේ. නැත්නම් ඉතින් අවුරුදු සීයක් විතර නඩු අහලා නිදොස් කොට නිදහස් වෙනවනෙ.
අධිකරණයේ ක්‍රියාවලිය බන්ධනාගාර රැඳවියන් විසින් ක්‍රියාත්මක කර ඇති බව පෙනී යනවා
අගය කලයුතු ක්‍රියාවක් .අධිකරණය කාලය නාස්ති නොකර තමන් විසින්ම තමන්ටම හිමි නිසි දඬුවම ක්‍රියාත්මක කිරීම.මෙවැනි අපරාධ තම දෑතින් කරපු සහ ඒවාට හවුල් තවත් අය බන්ධනාගාරගතව ඉන්නවානම් කරුණාකර මෙම ක්‍රමය අනුගමනය කරන්න පින් අයිති වෙයි