පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක් මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි 08 February 2023
‘අනුරට ජනපති වීම හීනයක්‘ අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකෙන් ජනාධිපති වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 February 2023
අතට දුන් බත්පත කටට දමා ගන්න බැරි වෙයි ගොවීන්ට සහන සැලසීමක් ලෙස ගොවි ගිණුම්වලට බැර කරන ලද මුදල් වලින් රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 08 February 2023
‘රට අරාජික කරන්න ඉඩ දෙන්නෙ නෑ‘ රට අරාජික කරන්නට ඉඩ ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2023
විදේශ සංචිත ඩොලර් මිලියන 500කට වැඩි වුණා විදේශ සංචිතය ඇමරිකා ඩොලර් මිලියන 500 ක් දක්වා ඉහළ නංවා ගන්නට හැකි වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2023
බදු අහෝසි කරන්න හැකියාවක් නෑ බදු අහෝසි කළොත් රුපියල් බිලියන එකසිය හැට තුනක් රටට අහිමි වන බවත් මේ අවස්ථාවේ එය කරන්නට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය. 08 February 2023
සොරකම් කළ වත්කම් අය කරගන්න පනතක් සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීම සඳහා දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2023
පෙම් හසුන් හබයකින් මල්ලී අයියා මරයි පෙම් හසුනක් හුවමාරුවීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වු ගැටුමකදී මාළු කපන මන්නයකින් ගෙළ කපා සිය වැඩිමල් සොහොයුරා ඝාතනය කළැයි සැක පිට කළුතර පලාතොට ප්‍රදේශයේ දී මිය ගිය අයගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි . 08 February 2023
ජනපති පාර්ලිමේන්තුවට එයි නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. 08 February 2023
තැනින් තැනට අදත් පොඩි වැස්සක් නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (8) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 February 2023
නඩු බඩු නැති වුණාට ලිපිකරු අල්ලයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් ලක්ෂ හැට අටකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධියට අදාළව එහි නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලෙස කටයුතු කළ අධිකරණ ලිපිකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 08 February 2023
මැතිසබය විවෘත කිරීම අද උදේ ජනපති අතින් නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද ( 8)පෙරවරු 10.00 ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. 08 February 2023
මන්ත්‍රී අමරකීර්ති ඝාතනට සැක අයෙකු පිළිකාවකින් මරුට පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් වසරේ මැයි නව වැනිදා පහරදී ඝාතනය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා සෙබළකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. 08 February 2023
කුඩ්ඩාගෙන් පී.සීට පිහිපහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ කොල්ලකරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කළේ යැයි කියන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට බව කටාන පොලිසිය පවසයි. 07 February 2023
රනිල් -මූන් ඉදිරියේ අලුත් ගිවිසුමකට අත්සන් කරයි දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට අදාල නව ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කළේය. 07 February 2023
පොලිස් වෙස් ගෙන නිවසක් කොල්ල කාලා පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නාත්තණ්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩම් හිමි වැවිලිකරුවකු ගේ නිවසට කඩා වැදුණු ඔහුට පිහියකින් ඇන තුවාල සිදුකර රුපියල් ලක්ෂ 10 ක් වටිනා රන් භාණ්ඩ සහ ජංගම දුරකථන දෙකක් කොල්ලකා ඔහුට අයත් මෝටර් රථයෙන් පලාගොස් ඇතැයි මාරවිල මූලස්ථානපොලීසිය පවසයි. 07 February 2023
රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය පී.සීලා ගෙදර පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි කාන්තාවන් දෙනෙකුගේ සේවය ලබාගත් බව කියන පෑලියගොඩ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද 7 වැනිදා පැවසීය. 07 February 2023
ග්‍රෑන්ඩ් ඔරියන්ටල් අධ්යක්ෂ මණ්ඩලයට සිතාසි හොටෙල් කලම්බු ලිමිටඩ් (ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්) ආයතනයේ සේවකයන්ට හිඟ අයවැය සහන දීමනාව වශයෙන් ගෙවීමට නියමිතව තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවීම හේතුවෙන් ඊට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම ආයතනයේ අධ්යක්ෂවරුන් පස් දෙනකුට සිතාසි නිකුත් කර ඇත. 07 February 2023
ලංවිම මූලස්ථානය ඉදිරිපිට ඉංජිනේරුවෝ විරෝධතාවක පුනර්ජණනීය බලශක්ති කර්මානත කරුවන්ට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 4500 ක මුදල ලබා දෙන්නැයි බල කරමින් ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව ලංවිම මූලස්ථානය ඉදිරිපිටදී අද (7) රාත්‍රිෙය් පන්දම් දල්වා විරෝධතාවක නිරතවූහ. 07 February 2023
කොරියානු ප්‍රවීණතා පරීක්ෂණයට අයදුම්පත් කැඳවීම 13 දා සිට දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ මස 13 වැනිදා සිට 22 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 07 February 2023
මුදලිගේ-සිරිධම්ම හිමිගෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 167 ක කාලයක් අත්අඩංගුවට රඳවා තබා ගැනීම සහ මේ සදහා පොලිස් නිළධාරීන් කළ මැදිහත්වීම් වලට එරෙහිව අන්තර් විශ්ව විද්යාදල ශිෂ්‍යා බල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (7) දහවල් පොලිස් මූලස්ථානයේ දී පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ 07 February 2023
සෙල්ෆියෙන් ආ දිය රකුසා තාත්තයි දුවයි බලිගනී පොලොන්නරුව පුලතිසිපුර කුඹුකන්ආරු ඔය නැරඹීමට ගිය පියෙකු සහ දියණියක් අද (7) පෙරවරුවේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ලිස්සා ගොස් ඔයට ඇදවැටී දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 07 February 2023
ප්‍රධාන පොලිස් පරීක්ෂක කොස්තාපල්ගේ බෙල්ලෙන් අල්ලා පහරදීලා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රාජකාරි කරන පොලිස් කොස්තාපල් වරයෙකු ගේ බෙල්ලෙන් අල්ලා ගම්පහ පොලිස් අධිකාරි කාර්යාලයතුළදී පෙරේදා (6) පහර දුන් බව කියන එම ප්‍රදේශයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 07 February 2023
ගෝනිබිල්ලන් රට හදන්න ඉල්ලීම විහිළුවක් භීෂණයේ පීතෘවරු ලෙස කටයුතු කළ ගෝනිබිල්ලන් රට හදන්න ඉල්ලීම තරම් විහිළුවක් තවත් නොමැතිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 07 February 2023
නීතියට පටහැනිව දුමින්දට ජනපති සමාවදීලා පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ. 07 February 2023
විදුලිය ඉල්ලා පැවරූ නඩුවට කොමිසමේ දෙදෙනා විරුද්ධයි උසස් පෙළ විභාගයට මුහුණ දෙන 331,000 ක් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය විදුලිය අඛණ්ඩව දෙන ලෙස විදුලිබල මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණයට ගොනුකර ඇති නඩු කාර්ය පිළිබඳව නොදන්නා බවත් එම නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසත් ඉල්ලා එම කොමිසමේ සෙසු සාමාජිකයන් වන චතුරිකා විජේසිංහ සහ ඩග්ලස් නානායක්කාර ලිපි ඔස්සේ තමන්ට දැනුම්දී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය. 07 February 2023
ව්‍යවස්ථාදායක සභාවේදී අද මොකද වුණේ? මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී අද (7) දීර්ඝව සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 07 February 2023
මැතිවරණයට මූල්‍ය පහසුකම් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් වී ඇතැයි සඳහන් කරමින් එම මූල්‍ය පහසුකම ඇතුලු අනිකුත් පහසුකම් ලබා දෙන ලෙසට මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුලු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් ප්‍රකාශයක් ගොනුකර ඇත. 07 February 2023
ආයුධයකින් පහරදී තරුණයෙක් මරාදාලා කළුතර ,පලාතොට විජය ගම ප්‍රෙද්ශයේදී අද පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 07 February 2023
සරණ ගුණවර්ධනට ඇප: විදෙස් ගමන් තහනම් හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විත්තිකරුට් විදෙස් ගමන් තහනමක්ද ඊයේ (06) පැනවීය. 07 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026