
(යොහාන් භාසුර)
මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ ලබන වසරේ සවිකිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එම උපකරණ සවිකිරීමෙන් පසුව ජනතාවට තමන්ටම ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව ඇති බවත් තොග ලබා ගැනීමේ නවීන උපකරණ හරහා ඉන්ධනහල් හිමියන්ට ඉක්මනින් තොග ගැනීම සඳහා සහ තොග පාලනය මනාව කිරීමේ අවස්ථාව ලැබෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඛනිජ තෙල් සංස්ථාවට දැන් පිරවුම් හල නැති නිසා මොන ස්වයංක්‍රීය පොම්පද .දැන් ඔක්කොම සිනොපෙක් සහ ඉන්දියන්
ඕවා දියුණු රටවල කලාට ,අපේ රටවල් වලට තවම ඉක්මන් වැඩියි.මිනිසුන් කී දෙනෙක් ඉන්ධන රථ වලට පොම්ප කර ජීවිතය රැක ගන්නවද ?මේවා කමිෂන් ලබාගන්න කරන පිස්සු වැඩ
අනුර, පොම්පකරුවන් එතකොට වෙන ජොබ් හොයාගනිවි... කුඹුරු සහ හේන් වැඩකර ගන්න මනුස්සයෙක් හොයාගන්න කොච්චර අමාරුද?