
(ඩී.ජී.සුගතපාල)
නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ වලාන දූෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කරන ලෙස ද මහේත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල් හොරු තමයි ඉන්නේ...!
අපොයි අපොයි දැන් මට දඩමස් ගෙනෙන්නෙ කවුද?
මේ තමයි අද අපේ දේශීය සංස්කෘතිය. උඩ ඉඳන් යටටම එක වල්ලේ පොල්. රට ගොඩගන්න කෙනෙක් පේනතෙක් මානෙක නෑ…!
මීළඟ මහමැතිවරණයට සැලසුම් කරනවා...
මකුළු දැලේ පැටලුනේ මැසි මදුරුවෙක් එහෙම නෙමෙයි. ලොකු කුරුමිණියෙක්. ඔය කුරුමිණියා වැඩිකල් යන්න කලින් මකුළු දැල කඩාගෙන යනවා, බලමු බොරුද කියලා.
බලයේ ඉන්න පක්ෂෙට මාරු වෙනවා කියලා පොරොන්දුවක් දුන්නම නිදොස් කොට නිදහස්. ඔය පබ සිරිසේනත් කරණමක් ගහන්නේ එයාගේ ටික නිදොස් කර නිදහස් වෙන්න. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ විතරක් නොවෙයි "නඩු හාමුදුරුවොත් බඩු", පට්ට හොර බඩු.බලයේ ඉන්න මහා එකා කං කං බුරූ.... කියනකොට සිං සිං නෝරු කියනවා. රටට බඩුම තමා.
හොඳ නිවුස් එකක්...!
සුපුරුදු මන් දන්නේ නෑ කට උත්තරය...!
සතියකට විතර වෙන්න ඇති?
ජීප් රථයට දඬුවම් කරනු...!
රනිල් දක්ෂ යි කියන්න . එච්චරයි . ගෙදර....
බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. ලෝකේ දියුණු වෙච්ච අනිත් රටවල ජනතාව චන්දෙන් පත් කරලා ව්‍යවස්ථාදායක සභාවලට යවන්නේ රටට සේවයක් කරන්න පුළුවන් අධ්‍යාපනයක් දක්ෂතාවයක් අවංක භාවයක් තියෙන කොටින්ම පිරිපුන් මිනිසුන්. ඒත් බලන්න පහුගිය කාල පුරාවටම අපේ රටේ එතනට ගියේ මේ වගේ නිකන් වඳුරන්ට සමාන කාලකන්නි මිනිස්සු. මොවුන් වැනි අයට නාමයෝජනා දුන්න නායකයොත් බැලුවොත් තුට්ටුවකට වැඩක් නැති එවුන් පිරිසක්. අපේ බදු මුදලින් මුන්ට කොපමණ පඩිනඩි, වාහන,නිල නිවාස, විදුලිබිල්, දුරකථන බිල්, කා'ය මණ්ඩල, පිනට කෑමබීම දුන්නද? එකතු කරලා බැලුවොත් මේ එක නිකමෙකුට කියක් වියදම් කරලා ඇත්ද? ඒ වගේ තව කියක් හිටියද, දැනටත් කියක් ඉන්නවද? ඒ මදිවට ජිවිත කාලෙටම විශ්‍රාම වැටුපකුත් දෙනවා. මුන් අපේ රටට කල සෙතේ කාට හරි කියන්න පුලුවන්ද අහවල් එකය කියල. දැන්වත් රටේ ජනතාවට තේරෙනවනම් නිදහස ලබලා මෙච්චර කල් ගිහිල්ලත් සියලු සොභාවික සම්පත් සහිත පරිසරයක් වාගේම අනෙකුත් බොහෝ යහපත් සාධක තිබිලත් ඒ කිසිවක් නැති අනිත් සමහර රටවල් දියුණු වෙද්දී අපි විතරක් නය බරින් ගිලීගිය අඳුරු කාලකන්නි ඉරණමකට ගොදුරු වුනේ මොකද කියන කාරනාව.
වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට අපගේ උපහාරය. කෙසේ වෙතත් මේරටේ දේශපාලන කුම්බාන්ඩයන් ඔය කටයුතු නිසියාකාරව කරගෙන යාමට කොපමණ ඉඩක් දෙයිද කියන් අමාරුයි. මොකද ඒ හොරු දුවන්නෙම ඔය හොර වාහන වලමනෙ.
නෑ ගෙදරක යනවා වගේ හිනාවෙවී සතුටෙන් හිරේ යන මිනිස්සුත් ඉන්නවා ලංකාවේ. හුඟක් මිනිස්සු බයෙන් ලජ්ජාවෙන් හිරේ යන්නේ, පුංචි ෂොපින් බෑග් එකකට ඇඳුමක් දාගෙන. මෙයාට ඒතරම් වත් පහසුකම් දීල නෑ වගේ. මදුරුවෝ තල තල බිම නිදා ගන්න වෙන නිසා බොහොම ප්‍රීතියෙන් හිරේ යනවා වගේ පේන්නේ.
පට්ට හොරෙක් නෙ.
ඇමැති තනතුරකට යන්න කඩයිම් විභාගයත් පාස්වුණා වගේ..?
රිමාන්ඩ් එකේදි ඕකුන්ලාට පට්ට සැප... අන්න එහෙමයි සිරි ලංකාව...
පවු, අහිංසකයා...!
මුතුදෙක තලනු
තිත්ත ඇත්ත නම් රාජපක්ෂලාට සහ රනිල්ට සහන දෙන එකෙක් හරි ඉන්නවානම් හොරෙක්... අපි කැමැති වුණත්, අපි අකැමැති වුණත් ඇත්ත ඒක තමයි.
තඩියා...!