
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතියට කැනඩා තාක්ෂණික සහය දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී කැනේඩියානු තානාපති එරික් වෝල්ෂ් මහතා සමග විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සහ ප්‍රතිපත්ති පිළිබඳව පැවැති සාකච්චාවෙන් පසුව අමාත්‍යවරයා එසේ පැවසීය.
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්වය, පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම සහ ඒ සදහා වන රජයේ ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම ඇමරිකානු සහ කැනේඩියානු විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ අත්දැකීම් ඇසුරෙන් ශ්‍රී ලංකා ඉන්දියා විදුලිබල පද්ධතිය කලාපීයව ඒකාබද්ධ කිරීමේදී ගත හැකි යෝජනා පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව අක්‍රිය කරන්නෙම නිලදාරින්ට වාවන්ට ඉඩ ලබාැනිම සඳහායි. ඔය ගොඩනැගිල්ලේ ආරක්ෂාව භාරව ඉන්න ඉහලම නිලදාරිය තමන්ට අයත් ඉහලම රාජකාරියක් පැහැර හැරල තියෙන්නෙ. ඔහු එම තනතුරට සුදුසු නැහැ. වහාම වෙනත් සුලු රාජකාරියකට මාරු කල යුතුයි. මගෙ අයතනයේ නිලදාරියෙක් නම් කෙලින්ම ගෙදර යවනව මම.