(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ සංචාරය කිරීමට සුදුසු ලෝකයේ හොඳම දූපත් 50 අතරින් 13 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.මෙම ශ්‍රේණිගත කිරීම සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
කොවිඩ් වසංගතය,ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය සහ විරෝධතා හේතුවෙන් සංචාරක රේඩාරයෙන් කලක් ශ්‍රී ලංකාව ඉවත්ව සිටියත් මේ වන විට නැවත ශ්‍රී ලංකාව සංචාරක රේඩාරයට පැමිණ ඇතැයි බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හේතු 1000 ක් පෙන්වා දිය හැකි බවත් ශ්‍රී ලාංකිකයන් මිත්‍රශීලිවීම, ප්‍රණීත ආහාර තිබීම , සුන්දර වෙරළකින් වටවූ දූපතක් වීම සහ නැරඹීමට පෞරාණික ස්ථාන රාශියක් තිබීම ඉන් හේතු කිහිපයක් බව බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය බහාමාස් දූපත් වලට හිමි වී ඇති අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ටස්මේනියාවට සහ රාජා අම්පට් දූපත්වලට හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනම දූපතක් කියන එක නම් ඇස් දෙකක් තියන ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක්.. "සංචාරකයින්ට දක්වන මිත්‍ර ශීලී" බව නම් තනිකරම ගානක් කඩාගන්න කරන තක්කඩි කමක්.. තමන්ගේ රටේ මිනිස්සුන්ට වත් මහපාරේ සැනසීමෙන් ගමන් කළ නොහැකි වාතාවරණයක් පවතිද්දී සංචාරකයින්ට මුහුණ දීමට සිදුවෙන තත්වය ගැන කවර කතාද..? අනික සංචාරක තරුණ කාන්තාවකට තනිව නවාතැන් ගත හැකි තත්වයක් මේ රටේ තියනවද..? ලංකාවේ මිනිස්සු ගිය තැන අපවිත්‍ර කරලා වනසලයි එන්නේ.... දඩාවතේ යන බල්ලන්ට හා කපුටන්ට බලු කපුටු දානයක් දීලා, සංචාරයෙන්, නොමිලේම පිනුත් ලබාගෙන ගෙදර එන අමුතු විදිහේ ලෝකල් සංචාරකයෝනේ අපේ රටේ ඉන්නේ...
ඔය තෝරපු මිනිස්සු හෝටලයෙන් පිටට ගිහින් නැතිව වගේ. ටිකක් ඈතට ගියා නම් ඔය මිත්‍රයෝ අයින් කරගෙන යන්නේ..?