මාර්ග නඩත්තු කටයුතු සඳහා අරමුදලක් මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීමට යෝජනා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (7) පැවසීය. 07 February 2023
ගල් අඟුරු වෙනුවට හයිඩ්රජන් ගල් අඟුරු වෙනුවට හයිඩ්රජන් භාවිත කිරීමට රජය උත්සාහ කරන බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 07 February 2023
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට පක්ෂ දෙකක් නෑ සමගි ජන බලවේගය පක්ෂය සහ ඩලස් කණ්ඩායම අද (8 ) පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇත. 07 February 2023
ගෝඨාභයට ලැබුණු වැරදි උපදෙස් නිසා රාජ්‍ය ආදායම අඩුවුණා බදු අඩුකිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු වැරදි උපදෙස් හේතුවෙන් රාජ්‍ය ආදායම පහත වැටුණු බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 February 2023
උ.පෙළ උත්තර පරීක්ෂකයන්ගේ ගාස්තු ඉහළට අ.පො.ස උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් කරන ගෙවීම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 February 2023
කෝටිපති ව්‍යාපාරිකයා මරූ දෙදෙනා රිමාන්ඩ් තලංගම ප්‍රදේශයේ නිවසක් තුලදී කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය. 07 February 2023
හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ ගේ බින්ද අයෙක් මාට්ටු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සරත් ලූගොඩ මහතාගේ කොහුවල සුනේත්‍රාදේවි මාවතේ පිහිටි නිවස බිඳ රුපියල් ලක්ෂ 18 ට ආසන්න වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ආණමඩුව නගරයේදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 07 February 2023
දේශපාලන-ව්‍යාපාරික හිඟ විදුලි ගාස්තු කෝටි 200ක් බොල්වෙලා ලංකා විදුලිබල මණ්ඩලය නොගවූ විදුලි බිල්පත්වල රුපියල් කෝටි 200 ක් බොල්ණය ලෙස කපාහැර ඇති බවත් මණ්ඩලය අයකරගත යුතු බිල්පත් ගාස්තු රුපියල් කෝටි 400 ක් බවත් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති එකමුතුවේ ලේකම්, ඒ. ජී. යූ. නිශාන්ත මහතා අද (7) පැවසීය. 07 February 2023
පෝලිම් නැතුව තෙල් ගහන ගමන් රනිල්ට බනිනවා වර්තමානයේ දී ඇතැමුන් පෝලිම්වල ඉන්නේ නැතිව තෙල් ගහන ගමන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 07 February 2023
දියණියට අයිස් අරන් දෙන්න කුඩු ඇද්ද පියුම් මාමා ණය බරින් නිදහස් වෙන්න ලියුම් බෙදන ගමන් කුඩු ප්‍රවාහනය කළ තැපැල් සේවකයකු හෙරෝයින් මිලිග්‍රෑම් 5150 සමග (6) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පැවසීය. 07 February 2023
මහපොළ නැතුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමාරුවේ විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල් මාස කීපයකින් ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 07 February 2023
මැතිවරණ කොමිසමේ ඉල්ලීම ගැන මුදල් ලේකම් හා හූවක් නෑ පළාත් පාලන මැතිවරණයේ මූලික වියදම් සඳහා රුපියල් කෝටි 77 ක මුදලක් ලබා දෙන ලෙසට ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ. 07 February 2023
වැලිසර නාවික හමුදා පිටියෙන් රග්බි තරග ඉවවත් කරයි වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා (5) පැවැති නාවික හමුදා පිල සහ මහනුවර පිල අතර පළමු කොටසේ රග්බි තරගයේ තරග අධ්යක්ෂවරයාට පහරදීමේ සිද්ධිය හේතුවෙන් එම තරගාවලියේ නාවික හමුදාව සහභාගි වන ඉදිරි සියලු තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි තීරණය කළ බව එහි සභාපති රිස්වි ඉල්ලියාස් මහතා අද (7) පැවසීය. 07 February 2023
චාල්ස් ගේ අස්වීම ජනපති පිළිගනී මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 07 February 2023
නිදහසට වැය කළ ගණන් හිලවු එළියට 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් බව ජනාධිපති කාර්යාලය පවසයි. 07 February 2023
තුර්කි භූ කම්පනයට මැදි වූ ලාංකික කතක් ගැන සොයයි තුර්කියේ භූමි කම්පා මාලාව ඇති වූ ප්‍රදේශ වල සහ ඒ අසළ ප්‍රදේශ වල ශ්‍රී ලාංකිකයන් 16 දෙනකු සිට ඇති බවත් ඉන් 15 දෙනකු මේ වන විට තුර්කි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී ඇති බවත් තුර්කි තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය. 07 February 2023
ඛනිජ තෙල් ගබඩා සේවකයන් කෝටි 180ක් වෙන් කරයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති තෙල් තොග ගබඩා සංකීර්ණයේ සේවකයන්ට මේ වසර සඳහා අතිකාල ගෙවීම කෝටි 180 ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ. 07 February 2023
චන්ද්‍රා ශාෆ්ටර් පියා දිනේෂ් පුතා අමතයි මාගේ බාල පුතු, දිනේෂ්ගේ මරණය පිළිබඳවත්, ඔහුගේ කුරිරු ඝාතනයට හේතුව පිළිබඳවත් මාගේ මිතුරන්, මා දන්නා-හඳුනන උදවිය මෙන්ම මා පෞද්ගලිකව නොදන්නා පිරිස් ද බොහෝ දෙනෙක් මාගෙන් කරුණු විමසමින් සිටිති. 07 February 2023
තුර්කියට භූමි කම්පා වැලක් තුර්කියේ පැය 24 ක් තුළ සිදු වූ හතරවෙනි භූමි කම්පාව අද(07) උදෑසන වාර්තා වී ඇත.හතරවෙනි භූමි කම්පාව රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයක් ගෙන ඇත.හතරවෙනි භූමි කම්පාව මධ්‍යම තුර්කියේ හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. 07 February 2023
තුර්කියට ලංකාවෙන් හමුදා කණ්ඩායමක් තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා හමුදා නිලධාරීන් කණ්ඩායමක් යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙි. 07 February 2023
ලිට්රෝ නව ගෑස් සිලින්ඩර 10,000ක් මාර්තුවේ එයි ලිට්රෝ නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 10,000 ක් ලබන මාර්තු මස දෙවැනි සතිය වන විට වෙළෙඳපොලට සපයන බවත් එහිදී එකම සිලින්ඩරයක් හෝ නොමැති පවුල් හදුනාගෙන මිලදී ගැනීමේ අවස්ථාව දෙන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 07 February 2023
කුඩා පරිමාණ ගොවීන්ට බිලියන එක හමාරක් දිස්ත්‍රික්ක 5 ක සිටින හෙක්ටයාර් 0.5 ට අඩුවෙන් වගා කරන දැඩි අවදානමකට ලක්වී සිටින කුඩා පරිමාණ ගොවීන් 42000 සඳහා පොහොර සහ වී බීජ සැපයීමේ ව්‍යාපෘතියක් සඳහා යුරෝපා සංගමය යුරෝ මිලියන 4 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.5)ක මුදලක් ප්රදානය කර ඇත. 07 February 2023
පුතාගෙන් පලි ගන්න මව මරූ තිදෙනා මාට්ටු සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඇඹිලිපිටියේ හෝටල් හිමියකු සහ ඔහුගේ සගයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදැයි සුරියවැව පොලිසිය පවසයි. 07 February 2023
බල්ගේරියා තානාපතිනිය ලංකාවට සමු දෙයි ශ්‍රී ලංකාවේ බල්ගේරියානු තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ( Eleonora Dimitrova) මහත්මිය මෙරට සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යෑමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 07 February 2023
සේවක භාර අරමුදල් පනතට සංශෝධන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දීමට හැකිවන පරිදි සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 07 February 2023
ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසාදැමෙයි විශාල සේවක පිරිසක් සහිතව ක්‍රියාත්මක වන ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 07 February 2023
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි ප්‍රවාහන වෛද්‍ය ආයතනය සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 07 February 2023
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලංකාවට අත දෙයි තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රතිඥා දී තිබෙි. 07 February 2023
ශ්‍රී ලාංකිකයන් ලාඕසයේ අතරමං කළ රැකියා ජාවාරම්කරු බන්ධනාගාරයට තායිලන්තයේ රැකියා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමංකර රුපියල් ලක්ෂ 19ක මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාශය පවසයි. 07 February 2023
තුර්කියේ මරණ තවත් ඉහළට තුර්කියේ ඊයේ (06) හටගත් භූමි කම්පා මාලාවක් හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ වැසියන් 4300 දෙනකු මියගොස් ඇතැයි දෙරටේ බලධාරීහු ප්‍රකාශ කළහ. 07 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026