IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


හරක්කටාට උදව් කළ පී.සීගෙන් ඥාතීන්ට දුරකතන ඇමැතුමක්

(ඉන්දිකා රාමනායක, බිමල් ශ්‍යාමන් ජයසිංහ, අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර)

හරක් කටාටා උදව් උපකාර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයාන පොලිස් කොස්තාපල්වරයා විදේශ රටක සිට ඔහුගේ ඥාතීන්ට දුරකතනයෙන් කතාකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා පැන යාමේ අසාර්ථක උත්සාහායට උපකාර කළ බව කියන  ත්‍රිකුණාමලය සේරුනුවර නිවසට කතා කර තමන් හොදින් සිටින බවට සිද්ධිය වූ දින දැනුම් දී ඇති බවත්, පසුදින නැවත කතා කර තමන් විදේශ රටක සිටින බවට දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

මෙම කොස්තාපල්ගේ ඥාතීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළි කරගෙන ඇත.

පොලිස් කොස්තාපල්වරයා සිද්ධිය වීමට පෙර සේරුනුවර ඔහුගේ මස්සිනට දි තිබු ලැප්ටොප් පරිඝණකයන් හා ඉහල වටිනා කමකින් යුත් ජංගම දුරකථනයක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබු බව එම ආරංචි මාර්ග පවසයි.

සැකකාර වැඩිමහල් සහෝදරියගේ සැමියා වන ඉහත පුද්ගලයා ගේ ප්‍රකාශ ලබාගැනීමේ ඔහු මෙම ලැප්ටොප් පරිගණකය හා දුරකතනය සම්බන්ධයෙන් මේ බව ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ල පවසයි.

කොස්තාපල්වරයා හරක් කටා සමඟ සමීප සබඳතාවක් පවත්වන බවට කොස්තාපල්වරයාගේ පෙම්වතිය දැන සිට නොමැති බවට ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී මෙතෙක් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය.



අදහස් (3)

හරක්කටාට උදව් කළ පී.සීගෙන් ඥාතීන්ට දුරකතන ඇමැතුමක්

කිරිපුතා Wednesday, 13 September 2023 11:53 PM

රට පැනලා පොලිසිය නොමග යවන ගතියක් තමයි පේන්නේ. හැබැයි අපේ පොලිසිය එහෙම ලේසියෙන් නොමග යවන්න බෑ...!

:       3       10

මහසෙන් Thursday, 14 September 2023 08:26 AM

හරක් කටා ද රට පැන්නේ? කොස්තාපල්ද රට පැන්නේ?

:       0       23

Dayananda Friday, 15 September 2023 08:33 PM

බැඳුම්කර හොරා රටේ ජනාධිපති වෙනවා. මුළු රටම හොරකම් කරපු රාජපක්ෂ පවුල සැපට ඉන්නවා.. අනිත් ඇමැතිහොරු පට්ට ආතල් එකේ ඉන්නවා. පාස්කු මිනීමරුවෝ නිදහසේ. ඉතින් අපිත් කීයක් හරි හොයාගත්තාම මොකද්ද වරද කියලා කොල්ලට හිතෙන්න ඇති... බලද්දී අවුලක් නැහැ වගේ නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 827 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site