(සුජිත් හේවාජුලිගේ )
පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ඇත්තටම සිදුවී ඇත්තේ කුමක් දැයි චැනල් ෆෝ වීඩියෝවෙන් ඕනෑම කෙනකුට හොඳටම තේරුම් යන බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
"බැලුවහම වෙලා තියෙන්නේ එදා කිව්ව දේට වෙනස් දෙයක්" බවද ඔහු සඳහන් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අවුරුදු 4ක් තිස්සේ දිය හැකි සියලුම වද දුන් බවත් නඩු තීන්දුද ලබා දුන් බවත් ඔහු සඳහන් කළේය.
චැනල් ෆෝ සම්බන්ධයෙන් සකස් කරන ලියූමේ කටයුතු අවසන් කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හමුවන බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති අන්දමට තමාද ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ චැනල් ෆෝ ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චැනල් ෆෝ ගැන මෛත්‍රීත් කට අරී
abaran Wednesday, 13 September 2023 02:58 PM
අනේ මේ ඔය බබා... නිකන් යන්න මහත්තයා යන්න. බහු බූත කියවන්නේ නැතිව... ඔයා දැන් ඉවරයි. ඔක්කොටෝම කලින් මෙන්න මෙයාට දඬුවම් කළොත් හොඳයි...
Bunny Preena Wednesday, 13 September 2023 04:10 PM
ආරක්ෂාව ගැන අල්ප මාත්‍රයක්වත් දන්නේ නැති නුසුදුසු පුද්ගලයෙක්ව හුදෙක් දේශපාලන හිතවත්කම මතම පත්කරලා ඔබ රටට කළේ ලොකුම ලොකු හානියක්. හොඳ දක්ෂ විශ්‍රාමික හමුදා නිලධාරීන්ව නොසලකා හැරලා... එයින් ඔබ පෙන්නුම් කළේ රටේ ආරක්ෂාව ගැන ඔබ තඹ දොයිතුවකටවත් මායිම් නොකළ බවයි.
මැක්ස් Wednesday, 13 September 2023 04:32 PM
ශ්‍රී ලංකා දේශපාලනයේ දැනට සිටින වඩාත්ම අවලංගු කාසිය වන්නේ මෛත්‍රිපාල සිරිසේනයි. එසේම, ඉතිහාසයේ වූ ලොකුම වැරැද්ද මුන්දෑ ජනාධිපති වීමයි... මෙවැනි බහුභූත කතා කිවහැකි වන්නේ (අනුර දිසා සහ සජිත් පෙම් හැරුණු කළ) එවැනි අයෙකුටම පමණි. මේ මනුස්සයාගේ ඇති හිස්බව රටට තවතවත් දැක ගැනීමට ජනමාධ්‍ය විසින් තව තවත් මෙවැනි ප්‍රශ්න ඇසිය යුතුයි...
Dinesh Wednesday, 13 September 2023 06:59 PM
වඳවී යන සත්වයෙක්...
සල්ලි Wednesday, 13 September 2023 04:52 PM
චැනල් ෆෝ තනියම බලා ගනිල්ලා, මිනිස්සුන්ට සෙවෙන් සෙවන් වෙලා ඉන්නේ.
fairoosWednesday, 13 September 2023 07:56 PM
බයියන්ට නම් මේක කළේ මම තමයි කියලා රාජපක්ෂවරුන් ඇවිල්ලා කිව්වොත් විශ්වාස කරන්නේ. වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ...?
චන්දන Wednesday, 13 September 2023 05:21 PM
එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න කෙනාට මේක හොඳටම ඇති... මේ වගේ අය දේශපාලනයෙන් අතුගාලාම දාන්න ඕනෑ...!
pujitha Wednesday, 13 September 2023 07:00 PM
තමුන්ව නිදහස් කරලා නැහැ එම විඩියෝවෙන්... ඒක කියන්නේ ප්‍රහාරය සිදුවුණු ආකාරය ගැන මතයක්... වළක්වා ගැනීම සම්බන්ධව කිසි දෙයක් කියන්නේ නැහැ. කොහොම සිදු වුණත් වළක්වා ගන්න වගකීමෙන් තමුන්ට මිදෙන්න බැහැ... මේ සරල සත්‍ය තේරුම් ගන්න බැරි ඔබද මේ රට පාලනය කළේ? ඔබ පක්ෂ නායකයෙක්ද? දවසටකට ඔබ වෙනුවෙන් පක්ෂය කොපමණ වියදම් කරනවාද? මේ මෝඩ මාධ්‍ය තර්කය ඉදිරිපත් කිරීම වෙනුවන්ම කීයක් වියදම් වුණාද?
සෙනෙවිරත්න Wednesday, 13 September 2023 07:07 PM
මැක්ස්, අනුර සහ සජිත්ගේ කතා ඔයාට බහුබූත වගේ පේන්නේ, බහුබූත කරපු අය එක්ක එකට බුදියන කෙනෙක් නිසා නේද?
Bamunuarachchi Thursday, 14 September 2023 09:32 AM
සෙනවිරත්න මැක්ස්ගේ කථාව පාඨකයින් ඉහලින් අනුමත කරලා තිබෙන්නේ. ඒ නිසා BS නවත්තන්න.