
(ටී.කේ.ජී.කපිල, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි
ඔහු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර මේ වනවිට ආගමන විගමන නිලධාරීහු ඔහු අත් අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල සංවිධානාත්මක අපරාධකරුවකු බේරාගන්න දත කෑව ඇමැතියි, පුතයි මේකටත් දත නියවයිද?
මෙයා වැඩ කළේ මොන ඇමැතිටද දන්නේ නෑ. දැන් එයා කලබල වෙලා ඇති...
ලංකාවේ දේශපාලුවොයි, ලොකු ලොකු නිලධාරිනුයි දැනටමත් කී දෙනෙක් ඔහුගේ සාක්කුවේ ඇතිද?
පොලිසියෙන් මොවුන් අල්ලලා ඇතුළට දානවා. නඩුකාරයෝ මොවුන් ඇප දීලා එළියට දානවා. ඊට පස්සේ ඔවුන් රට පනිනවා. කන්ජිපානි ඉම්රාන්, කිඹුලා ඇලේ ගුණා, ගනේමුල්ලේ සංජීව, ඇතුළු මහා ගොඩක් මේ විදියට රට පැන්නා. රන්ජන් කිව්වේ මේ විදියේ නඩු කාරයින් ගැන තමයි.