ගෝඨාගේ කොමිසමක තීන්දු ක්‍රියාත්මක නොකෙරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරියට පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අභියාචනාධිකරණය දැනුම් දුන්නේය. 08 February 2023
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නව සභාපතිවරයෙක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ අසේල බී. රැකව මහතා පත්කර තිබේ. 08 February 2023
මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සම ගැන තීරණය 10 වැනි දා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට බලකරමින් ලංකා විදුලිබල මණ්ඩලයට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම සිදු කරනවාද නැද්ද යන තීරණය මෙම මස 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය. 08 February 2023
‘‘ප්‍රශ්න විසඳුම් මිස රාජාසන කතා වැඩක් නෑ‘‘ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට රාජාසන කතා ප්‍රතිපත්ති ප්‍රකාශ ගෙනැවිත් ප්‍රශ්න අමතක කිරීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාව වර්ජනය කළ බව නිදහස ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 08 February 2023
ඉගෙන ගන්න සල්ලි හොයන්න පැරැණි රැකියාවට බැහැලා උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි. 08 February 2023
දුප්පතාට වම් අතින් සහනාධාරයදී දකුණු අතින් එය පිට්පොකට් ගහනවා දුප්පත් ජනතාව ලක්ෂ 34 කට වම් අතින් සමෘද්ධි සහනාධාරය දී දකුණු අතින් විදුලි සහනය උදුරා ගන්නා බවත් විදුලිබල මණ්ඩලය ඒකක 60 කට අඩු දුප්පත් පවුල් ලක්ෂ 34 ගලවා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ කටයුතු කරමින් සිටියදී අනිත් පැත්තෙන් ගාස්තු සියයට 250 කින් වැඩි කිරීමට යෝජනා කරන බවත් හිටපු විදුලිබල අමාත්‍යවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අද (8) පැවසීය. 08 February 2023
විදුලි ගාස්තු ඉහළ දැමීමට ජනතාව විරුද්ධයි සාමාන්‍ය ජනතාව, විවිධ කර්මාන්ත, ආයතන සහ ස්වෙච්ඡා සංවිධාන ඇතුළු සියලුම පාර්ශව විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධ යැයි මහජන උපයෝගිතා කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබේ. 08 February 2023
රාජාසන කතාව එපා වූ හේතුව සජිත් කියයි තමා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළේ ජනතාවට දිගින් දිගටම එල්ල කරන පීඩනයට විරුද්ධව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 08 February 2023
රජයේ සේවකයනට ගුරු වෘත්තියට වරම් උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීනට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 08 February 2023
රජ ගෙදර කෝටි දෙක ගෝඨා ඉල්ලයි අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්‍රතික්ෂේප කලේය. 08 February 2023
උපයනවිට බද්ධ වෙනස් වේ උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළේය. 08 February 2023
‘‘අපේ සටන ජය ගන්නවා මයි‘‘ වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ද සමුළුව සංවිධානය කළ විරෝධතා සමුළුව කොළහ හයිට් පිටියේ දී මීට සුළු වේලාවක පෙර ආරම්භ විය. 08 February 2023
නඩු බඩු නැති වුණාට ලිපිකරු රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් ලක්ෂ හැට අටකට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (08) නියෝග කළේය. 08 February 2023
මවකට දරු සම්පතක් භූ කම්පනය මැද භූමි කම්පාවෙන් බිමට සමතලා වූ නිවසක සුන්බුන් අතරින්, පණ පිටින් සිටි අලුත උපන් බිලිඳියක සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය. 08 February 2023
බදු අඩු කරගන්න මණ්ඩලය යකා නටයි ආණ්ඩුවේ නව උපයනවිට බදු ක්‍රමයට විරුද්ධව හා ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් ලංවීම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සංවිධානය කරන ලද විරෝධතාවයක් කොටුව විදුලිබල මණ්ඩලය ඉදිරිපිට අද (08) පැවැත්විය 08 February 2023
ඇමැති රොෂාන් - අර්ජුන රණතුංග ආදර්ශයක් දෙති මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගිවීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන් අමාත්‍යාංශ නිල රථ භාවිතා නොකොට දුම්රියෙන් මහනුවරට පැමිනීම විශේෂ සිදුවීමක් විය. 08 February 2023
මුදල් වැය කිරීම අවශ්‍යම දේට පමණයි රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. 08 February 2023
කොටුව විරෝධය අවසන් ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධය දක්වමින් රාජ්‍ය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කළ විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශය අද (8) මධ්‍යහනයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. 08 February 2023
‘ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදය හෙට-අනිද්දා‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට(9) සහ අනිද්දා (10) පැවැත්වේ. 08 February 2023
‘රාජාසන කතාව පක්ෂ පහක් වර්ජනය කරයි‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ පහක මන්ත්‍රීවරු අද (8) වර්ජනය කළහ. 08 February 2023
කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවීමට බාධා මෙරට ප්‍රධානතම සහ පිරිස් බලයෙන් වැඩිම වෘත්තිය සමිතිවලින් සමන්විත වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩල සහ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථා යන ආයතන තුනේ වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති 100 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ කොටුවේ දැන් පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින බව වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය. 08 February 2023
කොටුවට යුද හමුදාව කැඳවයි වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත. 08 February 2023
කොළඹ මාර්ග කිහිපයක් වහයි ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබේ. 08 February 2023
පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරය වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය. 08 February 2023
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක් මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි 08 February 2023
‘අනුරට ජනපති වීම හීනයක්‘ අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකෙන් ජනාධිපති වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 February 2023
අතට දුන් බත්පත කටට දමා ගන්න බැරි වෙයි ගොවීන්ට සහන සැලසීමක් ලෙස ගොවි ගිණුම්වලට බැර කරන ලද මුදල් වලින් රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 08 February 2023
‘රට අරාජික කරන්න ඉඩ දෙන්නෙ නෑ‘ රට අරාජික කරන්නට ඉඩ ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2023
විදේශ සංචිත ඩොලර් මිලියන 500කට වැඩි වුණා විදේශ සංචිතය ඇමරිකා ඩොලර් මිලියන 500 ක් දක්වා ඉහළ නංවා ගන්නට හැකි වී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 February 2023
බදු අහෝසි කරන්න හැකියාවක් නෑ බදු අහෝසි කළොත් රුපියල් බිලියන එකසිය හැට තුනක් රටට අහිමි වන බවත් මේ අවස්ථාවේ එය කරන්නට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය. 08 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026