(යොහාන් භාසුර)

විසිපස්වැනි ජාතික සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 933 කට සමාව පිරිනැමීමට රජය තීරණය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක,  අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
එහිදී පිරිමි රැදවියන් 926 ක් සහ කාන්තා රැදවියන් 7ක් ජනාධිපති සමාව ලබන බවත් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන් හට මෙම වි‍‍ශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවත් ඒකනායක මහතා සඳහන් කළේය.
25 වන ජාතික සිරකරු දිනය මේ මස 12 වැනිදාට යෙදී තිබූ බව ද ඒකනායක මහතා වැඩිදුරටත් කීය.