(අංජුල මහික වීරරත්න)
නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය නිසා මේ වන විට අක්කර 65,871.32ක් වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මෙම වගා හානි නිසා බලපෑමට ලක් වූ ගොවීන් ගණන 67,122කි.
වී වගාවේ අක්කර 65,411.17ක් හා අනෙකුත් බෝග ආශ්‍රිතව අක්කර 460.15ක් ද හානියට ලක්ව තිබේ. වී වගා කළ ගොවීන් 66,718ක් සහ අනෙකුත් බෝග වගා කළ ගොවීන් 404 දෙනෙක්ද බලපෑමට ලක්ව තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යවරයාට දුන් වාර්තාවේ සඳහන්ය.
වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි අක්කර 26 813.67ක් හානි වී ගොවීහු 32,245ක් පීඩාවට පත්ව සිටිති.
දෙවන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය උඩවලව කලාපයෙන් වාර්තා වේ. එහි අක්කර 14 810.13ක් වගා හානි වාර්තාවන අතර බලපෑමට ලක්වු ගොවීන් ප්‍රමාණය 11,651කි.
තුන්වන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි අක්කර 5235ක් වගා හානි සිදුව ඇති අතර පීඩාවට පත්ව ගොවීන් සංඛාව 4339කි.
මාතලේ අක්කර 1496 (ගොවීන් 2555ක්), පුත්තලම අක්කර 2244ක් ( පීඩාවට පත් ගොවීන් 1636ක්), පොලොන්නරුව අක්කර 1543ක් ( ගොවීන් 599), හා මොනරාගල අක්කර 1125ක් ( ගොවීන් 1095ක්) වශයෙන් වාර්තා වී ඇත.
කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය විසින් අවසන් වගාහානි තක්සේරු වාර්තාව ලබා දුන් වහාම එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එමෙන්ම වගාහානි සඳහා වන්දි ගෙවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිටත් තමන් විසින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කර තිබෙන බවත් එය ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd