
( සිතුම් චතුරංග)
කිලිනොච්චිය , මලයාලපුරම්, පුදුඅයියන්කුලම ඇළ ආසන්නයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයකු අද(14) සවස අතුරුදහන්ව ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
ඇළ ප්‍රදේශයේ සිදුකෙරෙන මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ තොරතුරක් මත උදෑසන නිලධාරීන් කිහිපදෙනකු එම ප්‍රදේශයේ වැටලීමක් සඳහා ගොස් සිටියදී නීති විරෝධී මත්පැන් පෙරීම සිදුකළ ස්ථානය ආසන්නයේදී නිලධාරීන් තිදෙනකු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් ඇති අතර එහිදී එක් කොස්තාපල්වරයකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය පැවසීය.
එලෙස අතුරුදහන්ව ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයකි.
පොලිසිය පැවසූයේ වැටලීම සිදුකරන අවස්ථාවේ නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් ඇති බවත් ඒ සමඟම කොස්තාපල්වරයා සමඟ තවත් දෙදෙනකු ඔවුන්ව අල්ලා ගැනීමට උත්සහ කර සැකකරුවන් පසුපස ලුහුබැඳ ඇති බවත්ය.
එහිදී කොස්තාපල්වරයා අතුරුදහන්ව ඇති අතර ඇළ ප්‍රදෙශයේ සහ කැළෑ ප්‍රදේශය සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් පොලිසිය පැවසීය.
කොස්තාපල්වරයා ඇළෙහි ගිලී ඇති බවට සැකපලකරන බවත් අපහැදිලි ජලය සහ මඩ සහිතවීම හේතුවෙන් ඇළෙහි අතුරුදහන්වූ පොලිස් කොස්තාපල්වරයා සොයාගැනීම දුෂ්කරවී ඇති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ... අනුන්ගේ දේවල් හොයන්න ගියාට...