(සුජිත් හේවාජුලිගේ )
ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය උඩහමුල්ල ඇඹුල්දෙණියේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි මිරිහාන පොලීසිය පවසයි.
ගරාජයක තිබූ සිය මෝටර් රථය ගැනීමට ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී එම ත්‍රිරෝද රථය මෝටර් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අනතුරින් ත්‍රිරෝද රියට සහ මෝටර් රියටද හානි සිදුව ඇත. මිරිහාන පොලීසියේ නිලධාරිහු අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳ බැදි ගායිකාවක් වු ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...!