(යොහාන් භාසුර)

නොරොච්චෝල ගල්අගුරු බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා 2023-24 වාරයට අවශ්‍ය ගල්අගුරු ආනයනය ආරම්භ කරමින් පළමු ගල් අඟුරු තොගය ගොඩබෑම අද (14) ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ලබන වසරේ (2024) මැයි මාසය වන විට ගල් අඟුරු නෞකා 40 ක් ආනයනය කිරීමට නියමිත අතර මෙම සැප්තැම්බර් මාසයේ පමණක් ගල් අඟුරු නෞකා 4 ක් ගොඩබෑමට නියමිත බව අමාත්‍ය විජේසේකර මහතා කීය.