සුඩානයට යන එස්.ටී.එෆ් නිලධාරීන්ට ජංගම ජල පෙරණ යන්ත්‍රයක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රයක් පිරිනැමීය. 28 July 2023
ශ්‍රී ලාංකිකයන් 115 ක් මත්ද්‍රව්‍ය චෝදනාවට කුවෙට් හිරගෙදර විවිධ චෝදනා හේතුවෙන් කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143 න් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටින බවත් එම සංඛ්‍යාව සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 80 ක් පමණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා අද (28) පැවසීය. 28 July 2023
ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 28 July 2023
ජනපතිගේ ’’සීල්’’ උත්සාහය අසාර්ථකයි ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි පවසමින් තම දේශපාලන වැඩපිළිවෙළට විපක්ෂයේ මුද්‍රාව තබා ගැනීමට ගත් උත්සාහය පූර්ණ වශයෙන් අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 28 July 2023
‘ජාතියක් ලෙස නැගිටිනවා නම් අංක එක විනය’ ලෝකයත් සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවට තාක්ෂණය අතින් සම්පූර්ණ වෙනසක් අවශ්‍ය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 July 2023
බදුල්ලේ මාර ගසක් තුළ රිවෝල්වරයක් බදුල්ල ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක බෙනයක් තුළ සගවා තිබූ අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත රිවෝල්වරයක් සහ වෙඩිබෙහෙත් තොගයක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි . 28 July 2023
වැඩබිමක අනතුරකින් තරුණයෙක් මරුට අලුත්ගම මොරගල්ලෙ ඉදිකෙරෙන සංචාරක හෝටල් වැඩබිමක බිම සිට ඉහළ මහලට වැලි අදින යන්ත්‍රයක් ගැටී සිදුවූ අනතුරකින් උපකොන්ත්රාත්කරුවකුවු තරුණයකු අද(28) මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 28 July 2023
වසන්ත මුදලිගේට ඇප වරෙන්තුවකට අදාලව කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ( 28) නියෝග කළේය. 28 July 2023
ඒ්කාබද්ධ විරෝධතාවට ජල-කදුළු ගෑස් ඒකාබද්ධ වෘත්තිය සමිති සහ සිවිල් හා සිවිල් සංවිධාන ඒකාබද්ධ කොළඹ පුරහල දී ආරම්භ කළ විරෝධතාවට බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර ඇත. 28 July 2023
අමරකීර්ති ඝාතන නඩුවේ සැකකරුවන් 37කට ඇප පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතන සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් 32 නා ඇතුළු සැකකරුවන් 37 දෙනා ශරිර හා මුදල් ඇප මත මුදා හැරීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය. 28 July 2023
වෘත්තීය සමිති 9කට කොළඹ තැන් 10ක් තහනම් කොළඹ ලිෆ්ටන් වටරවුම හා අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (28) පැවැත්වෙන විරොධතාවන් ට අද පෙරවරු 10.30 සිට හෙට (29) පෙරවරු 10.00 දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය ඇතුලු ස්ථාන 10 ට අසල උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් වෘත්ති සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 9 දෙනකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා තහනම් ආඥාවක් නිකුත් කළේය. 28 July 2023
අධිකරණයේ ලිපි ගොනු කෑ නීතිඥවරිය රිමාන්ඩ් කැකිරාව අධිකරණයේ ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරිය ලබන අගෝස්තු 2 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් එච්.එම්.එස් බණ්ඩාර මහතා නියෝග කළේය. 28 July 2023
දිවිදුන් හා ආබාධිත රණවිරුවන්ගේ දරුවන්ට හමුදාවෙන් ටැබ් පරිගණක ත්රස්තවාදයට එරෙහි සටනේ දී රට වෙනුවෙන් දිවි දුන් , අබාධිත රණවිරුවන්ගේ දරුවන්ගේ සහ යුද හමුදා සිවිල් කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඉහළ නැංවීම රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වැබ් පරිඝණක බෙදා දීම පසුගියදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රධානාත්වයෙන් යුද හමුදා මුලස්ථානයේ දී සිදු විය. 28 July 2023
සීමා නිර්ණ වාර්තාව පැත්තකට දායි සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය 28 July 2023
ජෙරම්ගේ බැංකු ගිණුම් ගැන පරීක්ෂණයක් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම්වල රුපියල් බිලියන 12ක් සංසරණය වූ ආකාරය පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වන බවත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 28 July 2023
ගුරුවරියගේ රන් තැල්ලට ගුරුවරියක්ම විදලා පුත්තලම , උඩප්පුව ප්‍රදේශයේ විදුහලක උපාධිධාරී ගුරුවරියකගේ අත් බෑගයේ දමා තිබූ රුපියල් ලක්ෂ විසි දෙකකට වැඩි වටිනාකමකින් යුත් පවුම් 13 ක රන් තැල්ල සොරාගත් බව කියන එම විදුහලේම ස්වේච්ඡා පදනම මත සේවය කරන ගුරුවරියක අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි. 28 July 2023
කෘත්‍රිම බුද්ධියන් හැදූ නිවේදිකාව ‘ලීසා’ පරිගණක කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන පුවත් නිවේදිකාවන් ලොවට අරුමයක් නොවෙයි. මේ වනවිට ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ රූපවාහිනී නාළිකාව ද ‘ලීසා’ යන නමින් සුරූපී පුවත් නිවේදිකාවක් නිර්මාණය කර ඇති අතර, ඇය මේ වනවිට පුවත් මැවීමට සමත් වී ඇත. 28 July 2023
කළුතර වෙරළට කාන්තා මළසිරුරක් කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් කළුතර උතුර වෙරලේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසින් විසින් මීට සුළු මොහොතකට පෙර ගොඩගන්නා ලදී . 28 July 2023
උතුරේ හර්තාලයක් මුලතිව් , කොක්කුතුඩුවායි ප්‍රදේශයේ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබා දෙන ලෙස ඉල්ලා උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා අද හර්තාලයක නිරත වූහ. 28 July 2023
බස් අනතුරින් සිසුහු තිදෙනෙක් රෝහලට කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ නවගමුව රණාල සුදවිල ප්‍රදේශයේ දී සිසු සැරිය ලංගම බස් රථයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් තිදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව නවගමුව පොලිසිය පවසයි. 28 July 2023
කෝටි 900ක් වංචා කළ මූල්‍ය හිමිකරු අතුරුදන් සියයට 6 ක ආකාර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසමින් කුරුණෑගල පිහිටි මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 900 ට අධික මුදලක් වංචා කර සැඟව සිටින සැකකරවකු අත්අඩංගුවට ගැනීම සදහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. 28 July 2023
කුවේටයේ සිටි 62ක් පිටුවහල් කරයි කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකසා මෙරටට පිටුවහල් කළේය. 28 July 2023
බස්නාහිරට - සබරගමුවට අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 July 2023
හිස් උණ්ඩයක් පැළඳ සිටි අයකු අත්අඩංගුවට හිස් උණ්ඩයක් සහිත රන් පැහැති මාලයක් පැලඳගෙන සිටි බව කියන මුදල් අමාත්‍යාංශයේ පිරිසුදු කිරීමේ අංශයේ සේවයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 28 July 2023
නඩු ලේඛන කෑ නිතිඥවරිය අල්ලයි කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය කියයි. 27 July 2023
සමන්තට ගෞරව සම්මානයක් ‘හෙළ ගීත කෝකිලයා’ ලෙස අදටත් ගී ලොවව බැබළෙන නිර්මාණ ඉදිරිපත් කළ ප්‍රවීණ ගායන ශිල්පියකු වූ එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ 36 වැනි ගුණ සමරුව වෙනුවෙන් කලා සිත් කලා පදනම සංවිධාන කළ ‘ජෝති රාත්‍රිය’ ගී ප්‍රසංගය හා සම්මාන ප්රදානෝත්සවයේදී දශක තුනක් පුරා ශ්‍රී ලාංකේය සංස්කෘතික හා කලාව රැකගැනීම උදෙසා පෑනෙන් ඉටුකළ සමාජ මෙහෙවර වෙනුවෙන් විශේෂ ගෞරව සම්මානයක් ‘ලංකාදීප’ පුවත්පතේ විශේෂාංග කර්තෘ හා සිනමා කලා පිටු සංස්කාරක සමන්ත යහම්පත් මහතාට පිරිනමනු ලැබිණි. 27 July 2023
ඕස්ට්‍රේලියා සාහිත්‍ය විශිෂ්ට සම්මානය ලක් දියණියකට ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය පිරිනමන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන් මහත්මියට හිමිව ඇත. 27 July 2023
කුවේටයේදී හතරක් එල්ලා මරයි:ශ්‍රී ලාංකිකයකුත් ඒ අතර මරණීය දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලංකා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු තවත් සිරකරුවන් හතර දෙනකුගේ දඬුවම පසුගියදා ක්‍රියාත්මක කළ බව කුවේට් බලධාරීන් ප්‍රකාශ කර ඇත. 27 July 2023
කුරුණෑගල හෙල්ලූ වල්අලියා අල්ලයි කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කරමින් දින ගණනාවක් කුරුණෑගල ප්‍රදේශය බියට පත් කළ වන අලියා අද (27) සවස වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදී අල්ලාගත් බව වනජීවී නිලධාරීහු පවසති. 27 July 2023
පැරුෂුටයෙන් සසුන් බිමට ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකායේ විශ්‍රාමික මේජර්වරියක වූ මනීෂා ඉන්දීවරි වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද සසුන් ගත වූවාය. 27 July 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026