පාකිස්තානයේ පිපිරීමකින් 40ක් මරුට:200කට තුවාල පකිස්තානයේ කිබර් පක්ටුන්ක්වා පළාතේ බජෝර් දිස්ත්‍රික්කයේ අද(30) පැවති ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පක්ෂයේ සමුළුවක් අතරතුර සිදු වූ පිපිරීමකින් 40 දෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකු තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. 30 July 2023
ඉන්ධන කිව්.ආර්. කේතය මාස දෙකකින් අහෝසියි ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 30 July 2023
‘‘ලබන වසර මැතිවරණ ත්‍රිත්වයක් ගෙනෙන වසරක්‘‘ 2024 වර්ෂය මැතිවරණ ත්‍රිත්වයක්ම පැවැත්වෙන මැතිවරණ වසරක් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දොම්පේ දී පැවසීය. 30 July 2023
මැතිවරණයක් ගැන විපක්ෂ නායක කතා කරයි රට යහමගට ගෙනවින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් රජය වහාම මැතිවරණයක් කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 30 July 2023
වගාවට වතුර දුන්නොත් දකුණට විදුලිය කපනවා උඩවලවේ ජලාශයට වගා කටයුතු සඳහා සමනල වැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. 30 July 2023
කොළඹ වෙඩි තැබීමක්:තරුණයෙක් මරුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් කෙසෙල් වත්ත මාටිස් ලේන් ප්‍රදේශයේ හෝටලයක් තුල දී පුද්ගලයෙකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කරයි. 30 July 2023
හොර ඔප්පු හදා ඉඩම් පවරාගත් අයෙක් අල්ලයි ව්‍යාජ ඔප්පු මගින් ඉඩම් දෙකක් පවරා ගැනීම සහ ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි . 30 July 2023
මුහුදු මහා විහාරයේ බවුන් වඩද්දී හිමි නමට හබලෙන් ගහලා පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමක් ආතිමූණෙයි මදුරන්වේලි ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා යෝගීව වැඩ වාසය කරමින් සිටියදී පුද්ගලයින් හත් දෙනකු එම භාවනා කුටියට කඩා වැදී හිමිනමට හබලකින් පහරදීරුපියල් 50,000ක මුදලක් හා ජංගම දුරකථනය පැහැර ගෙන පලාගොස් ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි. 30 July 2023
හොර ගබ්සා’’ දවසින් දවස ඉහළට දිවයින පුරා නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 30 July 2023
ජපානයේ සංචාරක වීසා ශ්‍රමිකයන්ට සුබ බලාපොරොත්තුවක් සංචාරක වීසා මත ජපානයේ රැකියා කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා කාලය ඉකුත් වූ පසුව ඔවුන් සම්බන්ධයෙන් යම් සහනදායී පිළිවෙතක් අනුගමනය කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ජපානයේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉවෙස් කිචිරො ( IWASE Kiichiro) මහතාගෙන් ඉල්ලීමක් කළේය. 30 July 2023
පේෂකර්ම ගොඩනැගිල්ලකින් ලක්ෂ 38ක් වතුරේ ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයට සිවු මහල් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වැය කෙරුණු ලක්ෂ තිස් අටක පමණ මුදලක් මෙම ව්‍යාපෘතිය අතරමඟ නතරවීම හේතුවෙන් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 30 July 2023
දඬුවම් නියම වුණත් මරන්න එපා මරණ දඬුවම ලබා දීම වහාම අත් හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේටය සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කර ඇත. 30 July 2023
මානව හිමිකම් හොයන කොමිසමට ගැසට්ටුවක් රටේ මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කෙරුණු පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. 30 July 2023
’’ලෝක නායකයන් දිනාගන්නා කලාව මම දන්නවා’’ ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක් බවත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමා බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 30 July 2023
අයවැය යෝජනාවලින් සියයට 71 ක ප්‍රගතිය සොයන්න බෑ වර්තමාන ආණ්ඩුව 2022 වසරේ නිකුත් කළ අතුරු අයවැයෙන් රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළතම වටිනාමක් සහිත වියදම් යෝජනාවලින් සියයට 71 ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බවත් එම යෝජනා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කළ ඉල්ලීම්වලට ද අදාල ආයතන කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් වෙරිටේ රිසර්ට් ආයතනය නිවේදනය කරයි. 30 July 2023
ඉන්දියානු නාවික හමුදා නෞකා දෙකක් එයි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ඛාන්ජාර්’ නෞකාව සහ දේශීයව නිපදවන ලද යුද නෞකාවක් ත්‍රිකුණාමලයට තෙදින සංචාරයක් සඳහා සේන්දු විය. 30 July 2023
පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටි බව කියන පුද්ගලයකු පොලිස් පොලිස් සැරයන්වරයෙකු ට රුපියල් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට කටයුතු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි දොඹගහවෙල පොලීසිය පවසයි. 30 July 2023
ඉන්දීය මුදල් ඇමැති චීනයට කළ ආරාධනය ණය අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ගන්නා උත්සාහයට එක්වන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය චීනයට ආරාධනා කර ඇත. 30 July 2023
ඩ්‍රෝන ප්‍රහාරය මොස්කව් ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් වහයි මොස්කව් නගරයේ මූල්‍ය සහ ව්‍යාපාර සමාගම් පිහිටි දිස්ත්‍රික්කයට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් කාර්යාල ගොඩනැගිලි දෙකකට සුළු හානි සිදුවූ බවත් ඒ හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් කෙටි වේලාවකට වසා දැමීමට සිදු වූ බවත් රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත. 30 July 2023
කාන්තාවකට කැත වැඩක් කළ සැරයන්ට වැඩ වරදී අවුරුදු පනස් අටක් වයස කාන්තාවක් යතුරු පැදියක නංවාගෙන ලබු හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි කැලෑවකට රැගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දූෂණය කළේ යෑයි කියන කටුවන පොලිසියේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු මිද්දෙණිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 30 July 2023
අ’පුර පූඡා භූමියේ මාල කඩන කාන්තා කල්ලියක් කාන්තා කොල්ල කල්ලියක් විසින් රුවන්වැලිසෑය පූජා භූමියේ දී තුළ කාන්තාවන් තිදෙනෙකුගේ රන්මාල කඩාගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි. 30 July 2023
පියාගේ-සීයාගේ ආරවුලට මැදිවූ දරුවාට පිහි පහරක් කොබෙයිගනේ ,රත්මල්වැටිය , බොරලුවැව , ප්‍රදේශයේ දී පියාගේ සහ සීයා ගේ ආරවුලකට මැදිවූ. දස හැවිරිදි දරුවකු තියුණුු ආයුධ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් සැකකාර පියා රම්බෝ පිහියක්ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි . 30 July 2023
ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක් දැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. 30 July 2023
රිය අනතුරින් අයෙක් මරුට:අයෙක් රෝහලට යාපනය , නුවර ඒ නවය මාර්ගයේ ඕමන්ත කිලෝමීටර 189 කණුව අසලදී අද (30) ලොරියක් කැබ් රියක් හා තවත් ට්‍රැක්ටර් රථයක ගැටී සිදු ව අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි. 30 July 2023
පොල් කඩන්නාට වැවේ ගිල්වා පහර දුන් 2ක් අත්අඩංගුවට පොලිසියට ඔත්තු දුන්නැයි සැකකර වීදාගම වැවේ ගිල්වමින් පොල් කඩන්නෙ කුට අමානුෂික ලෙස පහරදුන් බව කියන සිව් දෙනාගේ කණ්ඩායමේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 30 July 2023
මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට පැමිණිල්ලක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන නමුත් එම කටයුතු කරගෙන යාමේ දී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේය. 30 July 2023
රටපුරා ’’අයිස්’’ වැහි වැහැලා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධ සිද්ධි විසි දහස් එකසිය පහක් පසුගිය වසරේදී වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 30 July 2023
බසයක් පෙරළී 14ක් රෝහලට කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය කළ පෙද්ගලික බස්රථය ක් අද අලුයමම ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මගීන් 14 දෙනකු තුවාල ලබා කහවත්ත මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. 30 July 2023
මිලට බයේ සෙඩ් 162ක් හැංගිලා ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101 ක ඔක්ටේන් 92 පෙට්‍රල් සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල් සියයට 50 ක් ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඊයේ දිනයේ ඇණවුම් කර නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය පවසයි. 30 July 2023
යාපන සරසවි සිසු නාවාතැන් පොළකට ප්‍රහාරයක් යාපනය විශ්ව විද්‍යාල සිසුන් නවාතැන් ගෙන සිටි තිරුණවේලි ප්‍රදේශයේදී නවාතැන් පොළඛට තියුණු ආයුධ රැගෙන ආ සන්නද්ධ පිරිසක් ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. 30 July 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026