(යොහාන් භාසුර) ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතා දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (17) සමත් වූහ. ඉන්දියාව ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ 8 වැනි අවස්ථාව මෙය වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 10 කින් ආසන්නතම ශූරයන් වූ සත්කාරක ශ්‍රී ලංකා පිල පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ. ඉන්දීය පිල ලකුණු 51 ක ජයග්රාහි ඉලක්කය ඕවර 6.1 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කළේය. ඉන්දීය පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 15.2 කදී ලකුණු 50 කට සීමා කළහ. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ. කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් රැස්කරමින් ඉනිම ඉහළතම ලකුණු ලාභියා බවට පත්වූ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් නවයකට ඉලක්කම් දෙකේ සීමාවට ඒමට නොහැකිවීම කැපී පෙනුණි. දකුණතින් වේග පන්දු යවන මොහොමඩ් සිරාජ්, ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා පිල ඕවර 15.2 කද සියලු දෙනා දැවී 50 (කුසල් මෙන්ඩිස් 17, දුෂාන් හේමන්ත 13, මොහොමඩ් සිරාජ් 21/6, හර්ද්‍රික් පාණ්ඩියා 3/3) ඉන්දීය පිල ඕවර 6.1 කදී කිසිවකු නොදැවී 51 (ඉෂාන් ක්‍රිෂන් නොදැවී 23, ෂුබ්මන් ගිල් නොදැවී 27)
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද අර "උත්තම ආශීර්වාදය" නැති වුණු එකේ පාඩුව..?
අපේ කට්ටියට ජරාව දුන්නදැයි සැකයි...!
සාමාන්‍යයි.
මේ සියලු පරාජයන් තව අවුරුද්දකට පමණි. අනුර දිසානායක අපේ සහෝදර නායකතුමා ලබන ඡන්දයෙන් ජනපති වූ පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ජය මාවතට අවතීර්ණ වනු ඇත...!
මේ අසාර්ථක, ලැජ්ජාසහගත, නින්දිත මැච් එකේ ටිකට්ස් රුපියල් 40000ට විකිණිලා අවසන් වුණාලු. රටේ දුප්පත් මිනිහෙකුට බත් භාගයක් මිලදී ගන්න රුපියල් 300 නැති අවාසනාවන්ත යුගයක, රුපියල් 40 000ට ටිකට්ස් ගත්තු සල්ලිකාර මුදලාලිලා කවුද? ඔවුන්ගේ බැංකු ගිණුම්වල හෝ ගෙවල්වල හංගපු සල්ලි කොයිතරම් ඇතිද? ඕකුන්ගෙන් වැඩි ප්‍රමාණයක් " කුඩු "මුදලාලිලා හා සමාන නීති විරෝධී වැඩකරන, නීතියට වැලි ගසා පනින, නමුත් නීතිය හමුවට ඉදිරිපත් කලයුතු "සත්ව" කොට්ඨාශයක් නොවෙයිද?
අපේ එකාලා මැච් ෆික්ෂින් කළාද? එහෙම නැතිනම් අපේ අයට පණ නැහැ ...!!! ඒ වුණාට ඔවුන් ඉන්නේ අලි ඔළුවෙන්... එහෙම ඔවුන් මොන මගුලකටද ටීම් එකේ තියාගෙන ඉන්නේ. පයින් ගහලා එලවන්න ඕනෑ. ලංකාවට ක්‍රිකට් ඕනෑ නැහැ...
මෝදිගේ උපන් දිනයට රනිල් වික්‍රමසිංහගෙන් තෑග්ගක් !!! මේවා තමයි ඩිප්ලෝමැටික් මැච් ෆික්ෂින්ග් කියන්නේ... මේ වගේ වැඩක් නාකි මයිනත් වරක් කළා. දැන් ඉතින් කොන්ද නවාගෙන, කලිසම උස්ස උස්සා ආයෙත් ඉන්දියාවේ හිඟමනේ යයි.
රෑට බීලා බීලා, සූස්තිය ඇදලා, ගෑනු එක්ක නිදියලා, පසුවෙනිදාට මොන ක්‍රිකට්ද? ඔය ඔක්කෝම ටීම් එකෙන්ම එළවලා දාන්න වටිනවා. අපේ ගමේ ටීම් එක ගැහුවා නම් 100ක් වත් ගහනවා...
ඉන්දියන් කාරයෝ දැක්කාම අපේ අයට මළමුත්‍රා ගියාලු කලිසම්වල...
ටිකට් එකක් 40 000 ලු, මේ ජරාව බලනවාට වඩා දුප්පත් මිනිස්සුන්ට කෑම පාර්සල් කියක් අරන් දෙන්න පුලුවන්ද .
අපේ ටීම් එකේ උන්ට හරක් ප**න් තලන්න ඕනා.
ශ්‍රී ලංකාව මීළඟට එන ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් විය යුතුයි. එහෙම කරන්න බැරිනම් පාසල් ළමුන්ගෙන් කණ්ඩායමක් තෝරලා යවන්න. එයාලා මීට වඩා හොඳට ක්‍රීඩා කරාවි.
අන්තිමට ඒක තමයි හොඳටම කළේ... ළඟ එන ලෝක කුසලානයට තව හොඳට කරනවලු...