(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 50 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
ඒ අනුව ඉන්දීය පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 51 ක ඉලක්කයක් පමණක් සම්පූර්ණ කිරීමට භාරවිය.
මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ.
කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් රැස්කරමින් ඉනිම ඉහළතම ලකුණු ලාභියා බවට පත්වූ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් නවයකට ඉලක්කම් දෙකේ සීමාවට ඒමට නොහැකිවීම කැපී පෙනුණි. දකුණතින් වේග පන්දු යවන මොහොමඩ් සිරාජ්, ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 15.2 කද සියලු දෙනා දැවී 50 (කුසල් මෙන්ඩිස් 17, දුෂාන් හේමන්ත 13, මොහොමඩ් සිරාජ් 21/6, හර්ද්‍රික් පාණ්ඩියා 3/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළ එළ සුපිරියි...!
පුදුම වෙන්න දෙයක් නැහැ. බංකොළොත් රටේ බංකොළොත් ටීම් එකනේ...!
බුකී කාරයින්ට කල්ල මරේ...
ඉන්දියානු ක්‍රීඩකයින් කිසිම අපහසුතාවයක් නැතිව විශ්වාසයෙන් ක්‍රීඩා කළා. ලංකා පිතිකරුවන්ට එය කරන්න බැරිවුණා. තණතිල්ලේ හැසිරීම ගැන කතාකරනවාට වඩා කතා කරන්න වෙනවා... ක්‍රීඩකයින්ගේ මනසේ සහ මොලයේ හැසිරීම සම්බන්ධව..