
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම නගරය ආශ්‍රිත මුහුදු කලාපයේ අද මුහුදු රළ ස්වභාවික පැහැය වෙනස් වී තද දුඹුරු පැහැයක් ගැන් වී තිබු බව ඒ අවට ජනතාව පැවසීය.
එක්වරම සිදු වී තිබු මෙම වෙනස්කම හේතුවෙන් ජනතාව අනියත බියක් ඇති කර ගෙන තිබුණි.
මේ පිළිබඳව නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතාගෙන් විමසූ විට කියා සිටියේ වර්ෂාවත් සමග මේ දිනවල දිය වැල් රටාව වෙනස් වී ඇල්ගී වැඩි වීමත් සමග මුහුදු රල පැහැයේ වෙනස් වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.
මෙය ද එවැනි තත්වයක් ද යන්න සොයා බැලීමට ජල සාම්පල් ලබා ගෙන වැඩි දුර පර්යේෂණ සිදු කරන බවත් එම නිසා කිසිවකුත් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් දුඹුරු ඇල්ගී අපේ වෙරළේ නැහැ .තියෙන්නේ දම්,රත්,කොළ,නිල් වගේ ඒවා
සුනාමියෙන් කරදර වලට මුහුන දුන්නු ජනතාව මෙවැනි දේවල් ගැන බියට පත්වෙන එක සාදාරනයි.
මේ කාලෙට ඕවා සාමාන්‍ය දෙයක්. මීට වඩා වැදගත් දෙවල් ගොඩක් තියෙනවා.
බොරු කියන රාජ්‍ය සේවයක් විශේෂයෙන්ම නිතරම බොරු කියන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙන ලංකාවේ මිනිසුන් බියවිය යුතුයි...