
(නිමල් ජයරත්න)
මාදුරුඔය ප්‍රධාන ඇළ මාර්ගයේ දෛනිකව ගමන් කරමින්, ඇස්වලට මිරිස් කුඩු ගසා, පොලිස් කාන්තාවක සහ පොලිස් කොස්තාපල් වරයකුගේ මෙන්ම පිරිමි හා කාන්තාවන් පහළොවකට ආසන්න පිරිස්කගේ රන්මාල මංකොල්ල කා සැඟව සිටි යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයකු පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවෙන් ඉවත්ව කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ සේවය කරන අයකු බවත් ඔහු අරලගංවිල පොලිස් වසමේ දම්මින්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක් වයසැති අයකු බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියට ඉදිරිපත් කරන්ට ඉස්සෙල්ල මූටත් හොඳ මිරිස් කුඩු සංග්‍රහයක් කලොත් හොඳයි.