(යොහාන් භාසුර)
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාර්තුවේ කෘෂිකාර්මික අංශය සියයට 3.6 කින් වර්ධනය වී ඇති බව කියන එම දෙපාර්තමේන්තුව කාර්මික අංශය සියයට 11.5 කින් සහ සේවා අංශය සියයට 0.8 කින් පහත බැස ඇති බව ද සඳහන් කරයි.
මූල්‍ය සේවා අංශය සියයට 18.8 කින්, තොරතුරු තාක්‍ෂණ සේවා අංශය සියයට 8.5 කින්, විදුලි සංදේශ සේවා අංශය සියයට 4.4 කින් සහ සෞඛ්‍ය සේවා සියයට 2.6 කින් පහත බැස ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ. 2050 වෙද්දී දියුණු වෙනවලුනේ... සුද්දොත් ඇවිත් මෙහෙ සාත්තු සේවය කරනවලුනේ ඒ වෙනකොට...!