
(විමුක්ති එස් රුද්‍රිගු)
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉන්දීය රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී ඇත.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් මාසයේදී රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී සිටි පුද්ගලයන් 6 දෙනෙකු නිදහස් කළ අතර ඉන් 4 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් විය.
ශාන්තන්, ශ්‍රීහරන්, ජයකුමාර් සහ රොබර්ට් පායස් යන මෙම ශ්‍රී ලාංකිකයන් හතර දෙනා ගමන් බලපත්‍ර හෝ අදාළ ලියකියවිලි නොමැතිව නීති විරෝධිව බෝට්ටුවෙන් ඉන්දියාවට පැමිණ තිබෙන බව චෙන්නායි හි විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ප්‍රකාශ කර ඇත.
මොවුන් නැවත ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍ය පියවර සම්පූර්ණ වන තෙක් ට්‍රිචි හි විදේශිකයන් රඳවා තැබීමේ කඳවුරේ රඳවා තබන බව එම කාර්යාලය පෙන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. කුණු මෙහෙට එවන්න.
ආන්න රාජපක්ෂලාට පණ දෙන්න හොඳ සෙට් එකක් එන්නේ... පිල්ලෙයාන්, කරුණා, KP ලා වගේ මෙයාලත් අනාගතයේ පොහොට්ටුවෙන් දේශපාලනයට...!