තෝණිකල් ප්‍රහාරයට 5ක් අල්ලයි වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවසකට ඇතුළුවී කඩු හා මුගුරු වලින් පහරදී නිවස ගිනිතබා අඹුසැමි යුවළක් ඝාතනය කොට තවත් අටදෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනකු සැකපිට අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 01 August 2023
පොලීසියට පාට් දැමූ එකම පවුලේ 4කට වැඩ වරදී ගංජා වැටලීමකට සෙල්ල කතරගම වල්ලි ගුහාව ප්‍රදේශයේ නිවසකට ගිය කතරගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට පිහි සහ පොරෝ රැගෙන පහරදීමට උත්සාහ කළේ යැයි කියන යුද හමුදා සෙබළෙකු, ඔහුගේ බිරිඳ පුතා සහ දියණිය සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි කතරගම පොලිසිය පවසයි. 01 August 2023
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 01 August 2023
ලංගම බසය ප්‍රපාතයට පෙරළේ කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 18 දෙනකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත (01) දින අලුයම ඇතුළත් කල බව වටවල පොලිසිය පැවසිය. 01 August 2023
බිත්තර නිෂ්පාදකයන් නම්‍යශීලී නම් ආනයනය නතර කරනවා දේශීය බිත්තර නිෂ්පාදකයන් නම්‍යශීලීව සැළකිය යුතු ලෙස බිත්තර මිල පහළ දැමීමට කටයුතු කළහොත් බිත්තර ආනයනය නතර කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 01 August 2023
‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීම අත්හිටුවයි විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 August 2023
ලයිට් කපන්න ගිහින් ගුටිත් කාලා විදුලි බිල නොගෙව්වැයි සැපයුම විසන්දි කිරිමට ගිය විදුලි සේවකයන් තිදෙනකු නිවෙස් හිමියකුගෙන් පහරකා රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි . 01 August 2023
බාලි ගිහින් රනින් දිනා එයි ඉන්දුනීසියාවේ 12 වැනි ’’ බාලි අන්තර්ජාතික සංගීත තරගාවලියේ ’’ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 04 ක් දිනා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 01 August 2023
අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිලට සම කරයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි. 01 August 2023
ජනපති අස්වැසුමට කළ යෝජනාවලියට කැබිනට් අනුමැතිය අස්වැසුම සමාජ සුභසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්රතිලාභ ගෙවීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද වැඩ පිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දී තිබේ. 01 August 2023
හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සේවය විධිමත් කරයි සියලුම හදිසි මරණ පරීක්ෂක වරුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා හඳුනාගත් රෝහල් සඳහා අනුක්ත කිරීමටත් ද්විභාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද්වි භාෂා හදිසි මරණ පරීක්ෂක වරුන් අලුතින් පත් කිරීමටත් පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අළුතින් බඳවා ගැනීම් සිදු කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. 01 August 2023
ශ්‍රී ලංකන් සේවා සපයන්න රටවල් දෙකකට කොන්ත්‍රාත්තු පිරිනමයි ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි දී සහ ඉන්දුනීසියාවේ ජකර්තා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා සේවා සපයා ගැනීමට කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 01 August 2023
කලම්බු ස්ට්‍රයිකර්ස් පළමු ජය ලබයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ලකුණු 27 කින් බී - ලව් කැන්ඩි පිල පරාජය කිරීමට සමත් විය. 01 August 2023
දුම්කොළ හා මධ්‍යසාර පනත සංශෝධනයට 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 31 July 2023
තෙල් වර්ග තුනක් ගණන් උස්සයි ඉන්ධන වර්ග 3 ක මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 31 July 2023
ජලාශ හිදෙයි: විදුලිය කැපීමේ අවදානමක් රටපුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන පෙළේ වැව් සහ විදුලි බලාගාර ආශ්රිත ජලාශ වේගයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ. 31 July 2023
සූර්ය සුවඳකූරු ලංකාදීප ඔන්ලයින් සමග හෙට මාතරට ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නිෂ්පාදනයක් වන ‘සූර්යා සුවඳකූරු ,ලංකාදීප ඔන්ලයින් එක්ව ක්‍රියාත්මක කරන ‘සූර්යා සුගන්ධ ධූප පූජාව’ මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරයේදී හෙට (1) පෝය දිනයේ පැවැත්වේ. 31 July 2023
පා පැදියක් හොරා ගත්තාට වසරක් හිර ගෙට කොළඹ රොස්මිඩ් පෙදෙසේ නිවසක මිදුලේ නවතා තිබූ පාපැදියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණයකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) නියම කළේය. 31 July 2023
දරුවකුගේ නිරෝගි වකුගඩුව ඉවත් කිරීම අධිකරණයටත් යයි තම පුතණුවන්ගේ වම් වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍ය කර්මයෙන් දකුණු වකුගඩුවද අත් වැරදීමකින් ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සිදුකළ වකුගඩු සැත්කමකදී මියගිය තුන් හැවිරිදි දරුවාගේ මව සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (31) කරුණු වාර්තා කර ඇත. 31 July 2023
උදරයේ අමාරුවට රෝහල් තුනකට ඇතුළත් කළත් දරුවා මිය යයි උදරයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ දස හැවිරි දරුවකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 31 July 2023
ගෝල් ටයිටන්ස් සුපිරි ඕවරයේදී ජය ලබයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති දිනයේ පළමු තරගයේදී ගෝල් ටයිටන්ස් පිල සුපිරි ඕවරයේදී දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් විය. 31 July 2023
ඝාතනය කර වැසිකිළි වළක දමා තිබු මවගේ සිරුර ගොඩගනී රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අලුතින් කැපු වැසිකිලි වළකට දමා සැගවා තිබු මෘත දේහය අද (31) දහවල් මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි රඹකැන්පුර මහතා ඉදිරියේ ගොඩ ගනුලැබිය. 31 July 2023
පොලිසියට බල්ලන් උසි ගන්වා පැන ගිය මත් ජාවාරම්රුවෝ මාට්ටු තැන්නේකුඹුර ඉලුක්මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන අවස්ථාවේදී පොලීසියට සුනඛයන් උසිගන්වා අත් විලංගු සමග පැන ගිය සැකකරුවන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලිසිය මගින් නැවත අත්අඩංගුවට ගෙන තිබේ . 31 July 2023
වාහන හොරාට කතගේ උප්පරවැට්ටියෙන් බේරෙන්න බැරි වේ කුලී පදනම මත වාහන ලබා ගන්නා සහ වාහන කුලියට දෙන ආයතනයක් පවත්වාගෙන යමින් ගැණුම්කරුවන් ට රුපියල් කෝටි 50 ආසන්න මුදලක් ලබා නොදී පලා ගොස් සිටි බව කියන හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයක හිමිකරුවකු හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ දී ඊයේ (31) අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. 31 July 2023
රියදුරන් නොමැතිව දුම්රිය ගමන් වාර 7 ක් නතර වේ දීර්ඝ සති අන්තයක් හේතුවෙන් දුම්රිය රියදුරන් සේවයට නොපැමිණීම නිසා දුම්රිය ගමන් වාර 7 ක් අද (31) පස්වරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. 31 July 2023
කොට උඩ ගිය ජපාන් ව්‍යාපෘති කඩිනමින් අරඹයි ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Koza) මහත්වරු ජනාධිපති කාර්යාලයේදී අද(31)ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 31 July 2023
පොලිස්පති අභියාචනාධිකරණයට කැඳවයි සාමකාමී අරගලකරුවන් රැදීසිටි බව කියන ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණය පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න මහතාට අද නියම කළේය. 31 July 2023
තරු හෝටල්වලට කෑස්බෑවන් මස් කළ 2ක් අල්ලයි යාපනය මාණිප්පායි පොලිස් වසමේදී දකුණු ප්‍රදේශයට නීතිවිරෝධී අයුරින් කැස්බෑවුන් සිව් දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අද (31) අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි. 31 July 2023
ඉදිරියේදීත් වැස්සට බාධා රටපුරා ලොකු වැසි දැනට බලාපොරොත්තු නොවිය හැකි බව කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් ඒ.කේ කරුණානායක මහතා පැවසීය. 31 July 2023
ජාතික ගීය වෙනස් කිරීම ගැන විමර්ශනයක් ශ්‍රී ලංකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කඩිනමින් පවත්වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පැවසීය. 31 July 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026