මත්තල පාළුව මැකෙයි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දිනෙන් දින කාර්යබහුල වෙයි. ඒ, රුසියන් ගුවන් යානා ඔවුන්ගේ මෙහෙයුම් මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කර ඇති බැවිනි. 14 February 2023
පඩි ගැන ඇහුවැයි ජවිපෙ මන්ත්‍රීවරු සභාවෙන් යති ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් ගේ වැටුප් සම්බන්ධව ඇතිවූ සංවාදයක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභිකයෝ අද (14) අම්බලන්තොට ප්‍රාදේශීය සභාවෙන් පිටව ගියහ. 14 February 2023
වරායේ වාහන විකුණන්න ව්‍යාජ ටෙන්ඩරයක් කැඳවලා වරාය අධිකාරිය සතු වාහන 1121 ක් අළෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවට ව්‍යාජ ලිපියක් සාමාජ මාධ්‍යවල සංසරණය වන බවත් එවැනි වාහන ප්‍රමාණයක් අළෙවි කිරීමට වරාය අධිකාරිය ටෙන්ඩර් කැඳවා නොමැති බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 February 2023
මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් නෑ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය. 14 February 2023
පෝර ණය මිලියන 17000ක් ගෙවන්නැයි ඉල්ලයි රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 17000ක ණය මුදල් වහා ගෙවන්නැයි පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. 14 February 2023
වැඩිහිටි කතකගේ සිරුරක් දියවන්නාවේ පාවෙයි වැඩිහිටි කාන්තාවකගේ මළ සිරුරක් පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ ( පොල්දූව තොටුපොළේ ) තිබී අද (13) උදේ සොයා ගන්නා ලදැයි වැලිකඩ පොලීසිය පවසයි. 14 February 2023
ණය ගැන සාකච්ඡාවට 17 සමුළුවක් චීනය , ඉන්දියාව ,සෞදි අරාබියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ජී7 සාමාජික රටවල් වල සහභාගීත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එළඹෙන 17 වැනිදා පැවැත්වෙන ණය පිළිබඳ වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාවද සහභාගී වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. 14 February 2023
වැලන්ටයින් දා පැරණි පෙම සිහිකර කැරපොත්තන් නම් කෙරේ ‘වැලන්ටයින් දිනය’ වෙනුවෙන්, සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, කැරපොත්තකු නම් කිරීමේ වැඩසටහනක් අද (14) ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ සත්වෝද්‍යානයේ ක්‍රියාත්මක වෙයි. 14 February 2023
නව සුරාබදු පනතට අනුමැතිය නව සුරාබදු පනතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 14 February 2023
වී වලට චක්‍රලේඛයක් රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබේ. 14 February 2023
පැය 182 කට පසු 13 හැවිරිදි පුතෙක් බේරා ගැනෙයි තුර්කියේ දකුණු හටේ පළාතේ මුදා ගැනීමේ කණ්ඩායම් පැය 182 කට පසු වයස අවුරුදු 13 ක පිරිමි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සමත්ව ඇත. 14 February 2023
කැමිලට ආයෙත් ‘කොවිඞ්’ බ්‍රිතාන්‍යයේ කැමිලා බිසවට, යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබේ. 14 February 2023
ඉඩම් අරවුලකට කෝෂයක් කපලා තියුණූ ආයුධයකින් රහස් ප්‍රදේශයට පහරදීමෙන් වෘෂණ කෝෂය කැපී බරපතල තුවාල ලැබූ පුද්ගලයකු රෝබේරිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇත. 14 February 2023
ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් ජුනි 1දා සිට තහනම් වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 14 February 2023
ජපානයෙන් සුව සේවයට අතහිත මෙරට සෞඛ්‍ය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ජපන් යෙන් බිලියන 5 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 38 ක් පමණ) ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර ඇත. 14 February 2023
නෙඩුමාරන්ට හමුදාවෙන් උත්තර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාරකන් 2009 මානුෂීය මෙහෙයුමේ අවසන් වෙඩි හුවමාරුවේදී මරණයට පත්වූ බවත් තමිල්නාඩුවේ දේශපාලඥායන් කුමක් ප්‍රකාශ කළත් ප්රභාකරන් ජීවතුන් අතර සිටින බවට එම ප්‍රකාශවලින් තහවුරු නොවන බවත් යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය. 14 February 2023
පළාත් කීපයකට පොඩි වැස්සක් රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 February 2023
මහේස්ත්‍රාත්ගේ වාහන ඉස්සූ කොල්ලකරු අල්ලයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයාගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 14 February 2023
සද්දන්තයකුගේ දළ ලක්ෂ 50කට විකුණන්න ගිහින් අඩි හතරකට ආසන්න දිගින් යුත් ඇත් දළ දෙකක් රුපියල් ලක්ෂ 50 කට විකිණීමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි. 14 February 2023
බොරැල්ලේ වෙඩි පත්තු වීමට හමුදාවේ දෙකක් සැකපිට බොරැල්ල හල් ගහ වත්ත ප්‍රදේශයේ දී කාන්තාවකගේ පපුවට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 14 February 2023
මැකෝ තවත් කෝටි තිහක් ඉල්ලයි මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 30 ක මුදලක් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යවා ඇත. 14 February 2023
‘‘මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය බෑ‘‘ නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට, රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (13) පස්වරුවේ ලිඛිතව දැනුම්දී ඇත. 13 February 2023
හමුදාවේ කොකා ගැස්සී තරුණිය මරුට බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් තරුණීයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 13 February 2023
මෝටර් රථ සොරාගෙන් විනිසුරුට ඇමතුමක් කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයා ගේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා එය නැවත බාරදීමට අතිරේක දිසා විනිසුරුවරයාගේ ජංගම දුරකථනයට කතා කර රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 13 February 2023
සොරකුගේ ප්‍රකාශයකට පානදුර පොලිසියේ දෙකකගෙන් ප්‍රශ්න කරයි රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකට අදාලව පානදුර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයකු අද (13) පස්වරුවේ මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. 13 February 2023
පුංචි පාර්ලිමේන්තු අපේක්ෂක කසිප්පු පෙරද්දී මාට්ටු පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තිරප්පනේ ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයකු කසිප්පු පෙරමින් සිටියදි තිරප්පනේ පොලසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 February 2023
පාස්පෝට් ගන්න හෙට එන්න එපා විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා හෙට (14) දිනයේ වේලාව වෙන්කරගත් අයදුම්කරු දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් හෙට දිනයේ සිට වේලාව වෙන්කරගත් අයදුම්කරුවන් දිනයක් පස්සට ගෙන සෙනසුරාදා දක්වා පැමිණිය යුතු අතර සේවා සැපයීම සඳහා ලබන සෙනසුරාදා දෙපාර්තමේන්තුව විවෘත කර ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉල්ක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (13) පස්වරුවේ සඳහන් කළේය. 13 February 2023
පාසල් සිසුවාගේ දිවිය තොර කළ ජංගම දුරකතනය රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා නවීන පන්නයේ ජංගම දුරකථනයට හානි කළ බව කියන17 හැවිරිදි පාසල් සිසුවකු තෝප්පුවපාලම මතින් ගඟට පැන ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි. 13 February 2023
ආගමන විගමන පරිගණක පද්ධතිය බිඳවැටේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (13) පස්වරුවේ අත්හිටුවීමට සිදුවූ බවත් එම පද්ධතිය මේ වන විට යථා තත්වයට පත්කරමින් සිටින බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය. 13 February 2023
පියවර තුනකින් කඩිනම් සහන දෙන්න රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය අද (13) තීරණය කළේය. 13 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026