IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝටි එකහමාරක හෂීෂ් රේගු දැලේ

 

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී කපිල )

රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝවකට අධික තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ගමන්බඩු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ආනයනය කළ මගීන්ගේ ගමන් බඩු  අඩංගු බහලුමක තිබූ පාර්සලයක් තුළ තිබී කිලෝ එකයි ග්‍රෑම් 98 ක් අත්අඩංගුවට ගත් බව කී සීවලී අරුක්ගොඩ මහතා එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 16,470,000 ලෙස තක්සේරු කර ඇති බව ද සඳහන් කළේය.
වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාරදීමට නියමිත බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

කෝටි එකහමාරක හෂීෂ් රේගු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site