නුසුදුසු පෙරපාසල් ගුරුන්ට ඇමති වැට බඳී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (03) කඩුවෙල බෝමිරිය දී පැවසීය. 03 August 2023
රජරට ගෙවියෝ කැලෑ වදිති රජරට බල පා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක වැසියෝ ඝන කැලෑවට හා කුඩා වන ලැහැබවලට රිංගා බෙහෙත් ඖෂධ සොයමින් දිවි ගෙවන පුවතක් වාර්තා විය. 03 August 2023
ජල ගාස්තුව සියයට 106 කින් ඉහළට මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ ගාස්තුව නව ජල ගාස්තු සංශෝධනයේදී සියයට 100 කට අධික ප්‍රමාණයකින් ඉහළ යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 03 August 2023
කොට උඩ ගිය විදෙස් ආධාර ව්‍යාපෘති යළි අරඹයි විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික අර්බුදය නිසා නතර කෙරුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 03 August 2023
ගන්නෝරුව සෙනසුරාදා තෙක් විවෘතයි ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා ලබන සෙනසුරාදා(5)තෙක් විවෘතව තැබීමට තීරණය කර තිබේ. 03 August 2023
පාරකට නමක් දාන්න ගිය ඇමැති සිරිපාලට විරෝධයක් මැදිරිගිරිය නගරයේ මාර්ග දෙකකට හිටපු අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ නම් කර එය විවෘත කිරීමට ගිය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් ඒල්ලවූහ. 03 August 2023
ඉන්ධන පැන්නූ තෙල් සංස්ථාවේ ලොක්කා රට පැනලා රුපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන අස්ථාගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇති මහා පරිමාණ වංචා සිද්ධියක චූදිතයෙක් යැයි කියන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් හොර රහසේ විදේශගත ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 August 2023
කුමාර වෙල්ගමට පහරදෙයි හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය කියයි. 03 August 2023
මිහින්තලා පුදබිමේ විදුලි විසන්ධි කරයි මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 03 August 2023
වව්නියාව පාස්පෝට් කාර්යාලයේ සේවා සීමාකරයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා සීමා කරමින් අද (3) සිට උතුර සහ නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 August 2023
උමාරා සමාව ඉල්ලයි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භ උළෙලේදී ජාතික ගීය තමන් ගායන කළ ආකාරය පිළිබඳව කිසියම් හෝ කෙනෙකුට සිත්රිදවීමක් ඇතිවූයේ නම් සමාව අයද සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ පැවසන්නීය. 03 August 2023
මලාපවහන ගාස්තුත් ඉහළට ජල ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව අද (3) සිට මලාපවහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 03 August 2023
රිය අනතුරින් හිටපු මන්ත්‍රී රෝහලේ වැල්ලවාය මොනරාගල මාර්ගයේ මදුරුකැටිය ප්‍රදේශයේදි ලංගම බසයක් හා කැබ් රථයක් ගැටමෙන් සිදුවු අනතුරකින් ඌව පලාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වු උදය කුමාර මහතා තුවාල ලබා මොනරාගල මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 03 August 2023
ජපන් සහයෙන් කෘෂිකර්මය නංවන්න වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය සඳහා තොරතුරු තාක්ෂණ වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට ජපානයේ ව්‍යපාරික පාසලක නියෝජිත පිරිසක් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 03 August 2023
බිරිඳ වෙනුවෙන් මල් වත්තක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොවියෙකු වූ ලී විල්සන් මහතා තම බිරිඳ සමඟ සිය 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80 ක් පුරා සූරියකාන්ත මල් ලක්ෂ 12 ක් වගා කර තිබේ. 03 August 2023
ගවයින්ට තණකොළ නැතැයි උද්ඝෝෂණයක් පවතින දැඩි වියලි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැතිවීම හේතුවෙන් කිරි නිශ්පාදනය දැඩි ලෙසින් අඩු වී ඇතැයි කිලනොච්චියේ කිරි ගොවීහූ කියති. 03 August 2023
වැඩ නැති තැන් වල පශු වෛද්‍යවරු වැඩ ඇති තැන් වලට අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවල සේවය කරන රජයේ පශු වෛද්‍යවරු වෙනත් අත්‍යාවශ්‍ය ප්‍රදේශවලට අනුයුක්ත කරන ලෙස පශු වෛද්‍යවරුන්ගේ සංගමය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා ඇත. 03 August 2023
අම්බලන්තොට පොළොව හෙල්ලෙයි ? අම්බලන්තොට බැරගම මහආර ප්‍ර දේශයේ රාත්‍රී හතයි විස්සට පමණ පොළව සෙලවී ගිය බව එම ප්‍ර දේශයේ නිවැසියෝ කියති. 03 August 2023
එස් අයි ලෙස පෙනී හිද වෙළෙන්දා රැවැටු සැරයන් අල්ලයි කොම්පඤ්ඤවීදිය පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටිමින් එම පොලිසියේ භෝජනාගාරයට ලැබී ඇති බිත්තර අඩංගු පෙට්ටි දහයක් ලබා දිය හැකි බව පවසා සිල්ලර වෙළඳසැල් හිමියකු රවටා රුපියල් පනස් දහසක මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයකු නාරහෙන්පිට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 03 August 2023
කඩුවෙල ඝාතනයට තුනක් සැකපිට කඩුවෙල වැව පාරේ තිබී හමුවූ හමුවූ මල සිරුරේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි. 03 August 2023
බස්නාහිරට - සබරගමුවට සුළු වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශකයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. 03 August 2023
කැනඩා අගමැතිගේ විවාහය අවසන් වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ. 03 August 2023
වකුගඩු කැපූ දරුවාගේ වෛද්‍ය වාර්තා පරස්පරයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට වකුගඩු දෙකක් ඇති බවට සඳහන්ව තිබුණත් උපතේදීම තිබී ඇත්තේ එක් වකුගඩුවක් බවට අධිකරණ වාර්තාවේ සඳහන් වීම පරස්පර බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බොරැල්ල පොලීසියටඅද (02) නියෝග කළාය. 02 August 2023
කළුගලින් පහළට වැටී ගොවියා මරුට අන්නාසි ගසක් ගැලවීමට ගිය අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පුද්ගලයකු ගල් තලාවකින් ප්‍රපාතයකට ඇද වැටි මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය සඳහන් කරයි. 02 August 2023
කඩුවෙළ මරණය හඳුනා ගනී කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ද ළඳු කැලෑවක් තුල කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. 02 August 2023
ව්‍යවස්ථාව වෙනස් කරන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසර දෙයි රටේ අවශ්‍ය ක්රමයේ වෙනසට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළේය. 02 August 2023
ඉන්දුනීසියාවේ දී මරා දැමුණු ඕනේෂ් ගේ සිරුර ගෙන එයි ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටි සුපිරි හෝටලය තුළදී ඝාතනය කෙරුණු කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ඕනේෂ් සුබසිංහ මහතාගේ සිරුර එම ඝාතනයෙන් මාස අටකට පසු පෙරේදා (1) රාත්‍රියේ මෙරටට ගෙන එනු ලැබූ බව කටුනායක ගුවන්තොටුපල පොලීසිය පවසයි. 02 August 2023
හදිසි වෛද්‍ය සැපයුම් සඳහා බිලියන තිහක් වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 02 August 2023
ජල බිල ඉහළට ජල බිල අද මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවාය. 02 August 2023
හාමුදුරුවන්ගේ දන් වේල දැක කම්පා වී ගමටම දන් කදක් දෙයි අනුරාධපුර ජාතික විල්පත්තු රක්ෂිතයට යාබදව පිහිටි විහාරස්ථානයක වැඩ සිටින හිමිනමක් දන් වැළඳු අයුරු දුටු දකුණේ කලාකරුවකු දැඩි සේ කම්පාවට පත්ව භික්ෂුන් වහන්සේලාට දානයත් ගම්වැසියන් 2000 වේල් දෙකක් ආහාර ලබාදීමට කටයුතු කළේය. 02 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026