(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි බවත් එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධික්ෂණය යටතේ පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බවත් ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට ලිපියකින් නැවත වරක් දැනුම්දී ඇත.
ජනාධිපති ලේකම්වරයා පසුගිය 12 දාතමින් එවූ ලිපියකින් මේ බව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය.
අදාල සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා එසේ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇතැයිද කතානායකවරයා පැවසුවේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රහස්‍ය ලිපි ලේඛන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධයෙන් මේ දිනවල ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරයවෙමින් පවතින බව මහින්ද යාපා අබේවර්ධන මහතා කීවේය.
එම සාක්ෂි සටහන්වල වෙළුම 2-II සහ 2-III හි අඩංගු රහසිගත සාක්ෂිද ඇතුළත්ව 2-I සිට 5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයෙන් (Read Only) සකස් කරන ලද සංයුක්ත තැටි (Compact Disks) 06 ක් බාරදෙන ලද අතර එහි ඇතුළත් 2-II හා 2-III වෙළුම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට පමණක් මේ අනුව අවස්ථාව සලසාදී ඇතැයිද කතානායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ කොමිසමේ වියදම් ඔක්කොම දරන්න ඇත්තේ මේ මන්ත්‍රීලා වෙන්න ඇති. නුඹලා ජහමනයා නිසා නුඹලාට මේ වාර්තා තහනම්. ඔන්න නීතිය. කෝ අර තොරතුරු දැනගැනීමේ එක.
සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගන්න ඕනේ ඕකට සම්බන්ධ දේශ පාලුවන්ගෙන්. මහජනතාවට ඇත්ත දැන ගන්න බැරි නම් ඔය කොමිෂන් වල ඇති වැඩේ මොකක් ද? අපරාදෙ ඔ්වට යන සල්ලි.
ඉතින් මන්ත්‍රීවරුන්ට තියෙන්නේ ඕක පරිශීලනය කරලා ඕක ඒ දේවල පාර්ලිමේන්තුවේ කියන්න
නුඹලාගේ එවුන් මේකට සම්බන්ද හා වගකිය යුතු නිසාත් ඒ බව එලිවෙන නිසා නොවේ නම් වෙන මොන ලබ්බකටද මේ වාර්තා අපට බලන්න නොදෙන්නේ. වරෙල්ලකෝ චන්දෙ හිගාකන්ට. එදාට බලාගමු.
මන්ත්‍රීවරුන්ගේ නෑදෑයෝද මරුනේ ?
ජනතා පරමාධිපත්‍ය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති අමනයෝ ටිකක් රටේ තීරණ ගන්නේ ,මේවා ඉක්මනටම වෙනස් කල යුතුයි .පාට ,පක්ෂ බලන්නේ නැතුව එක්වෙමු
ඒ රහසිගත වාර්තාවේ මහමොල කාරයා කව්ද කියලා සටහන් වෙනවා ෂුවර්. එය ප්‍රසිද්ද උනොත් ආගම් දෙක අතර තව විශාල ගැටුමක් ඇතිවෙනවා ෂුවර්. අපිට තිබෙන්නේ බලාගෙන ඉන්න.